Site Map

පෞද්ගලික

Scroll To Top

පෞද්ගලික

all you want

IDD යන්නෙන් අදහස් වන්නේ අන්තර්ජාතික ඍජු ඇමතුම් හෙවත් International Direct Dialling පහසුකමයි. ශ්‍රී ලංකා ටෙලිකොම් සමාගම වෙතින් දිවයිනෙහි දැනට පවතින විශිෂ්ට අන්තර්ජාතික ඇමතුම් පහසුකම ඔබ වෙත සැපයෙන අතර ලොව සෑම රටක්ම වෙත ඇමතුම් ලබා ගැනීමට එමගින් ඉඩ සැලසේ. ඔබ එස් එල් ටී දුරකතනයක් මගින් දේශීය ඇමතුම් ලබා ගන්නා විට අත්විඳින ගුණාත්මකභාවයම දැන් ඔබට අන්තර්ජාතික ඇමතුම් ලබා ගැනීමේදීද අත්විඳිය හැකි බව අපි සතුටින් දැනුම් දෙමු.

එසේම ඕනෑම රටක් වෙත ලබා ගන්නා ඇමතුම් සඳහා ඔබට දරාගත හැකි ඇමතුම් ගාස්තු අය කෙරෙන අතර ඔබ ඇමතුමක රැඳී සිටින කාලය සඳහා පමණක් ගෙවීමට සිදු වෙන තත්ත්පරයට අය කිරීමේ ගාස්තු සැලසුමක් මීට අයත්ය. සෑම මෙගාලයින් ගෘහස්ථ දුරකතනයකම IDD පහසුකම ඇත. සිටිලින්ක් පාරිභෝගිකයින් හටද සිය ඉල්ලීම මත මෙම පහසුකම ලබා ගැනීමෙට හැකියාව තිබේ. යම් හෙයකින් ඔබේ දුරකතනයෙහි IDD පහසුකම සක්‍රීයව නොමැති නම්, කරුණාකර, ළඟම ඇති ශ්‍රී ලංකා ටෙලිකොම් කාර්යාලය වෙත යාමෙන්, pr@slt.lk වෙත විද්‍යුත් තැපැල් පණිවුඩයක් යැවීමෙන් හෝ 1212 අංකය අමතා දැනුම් දීම මගින් එස් එල් ටී IDD පහසුකම සක්‍රීය කර ගන්න.

  • සටහන්
  • IDD ඇමතුම් ගාස්තුවලට බදු එකතු කෙරේ.

මගේ නිවසේ ඇති SLT දුරකතනයෙහි IDD පහසුකම තිබේද?

ඔව්. ඔබේ දුරකතනයෙහි මෙ පහසුකම සක්‍රීය කර ඇත.

SLT ව්‍යාපාරික දුරකතනයක් හිමි පාරිභෝගිකයෙකු සතුව IDD පහසුකම තිබේද?

SLT ව්‍යාපාරික දුරකතන ග්‍රාහකයෙකු හට මෙම පහසුකම ලැබෙන්නේ ඔහු/ඇය ඒ සඳහා ඉල්ලුම් කර ඇත්නම් පමණි.

SLT IDD පහසුකම සඳහා ගාස්තු අය වන්නේ තත්ත්පරයටද, නැතහොත් විනාඩියටද?

එස් එල් ටී IDD පහසුකම සඳහා ගාස්තු අය වන්නේ තත්ත්පරයට වේ.

IDD යන්නෙන් අදහස් වන්නේ කුමක්ද?

International Direct Dialing.

මා ලබා ගන්නා IDD ඇමතුම්වලට අදාළ විස්තර ලබා ගත හැකිද?

ඔව්. ඔබේ දුරකතන බිල් පත සමග එම විස්තර ලැබේ.

ශ්‍රී ලංකාවේදී අය කෙරෙන ඇමතුම් අයබදු ප්‍රමාණය කොතෙක්ද?

විනාඩියකට රු. 3.00 කි.

IDD පහසුකම ලබා ගැනීමේදී මා විසින් කිසියම් තැන්පතුවක් සිදු කළ යුතුද?

නැත.

 
 
Scroll To Top