Light
Dark
Pay your bill

පාරිභෝගික අත්දැකීම

all you want

සෑම අවස්ථාවකම වටිනා පාරිභෝගිකයින් ප්‍රමුඛස්ථානයේ තබා ගන්නා අප, සෑම නිවසක්ම එකිනෙක හා සබැඳී පවතින පරිද්දෙන් වැඩිදියුණු කරන ලද සේවා අත්දැකීමක් ඔවුන් වෙත තිළිණ කිරීමට හැකි උපරිම උත්සාහ දරන්නෙමු. පාරිභෝගිකයින් අපට සහකරුවන්ය, අපගේ ව්‍යාපාරික ගමනේ හවුල්කරුවන්ය! මේ නිසාම, අපගේ සමාගමික දැක්ම වන්නේද 'ආකර්ෂණය පිරි නව්‍ය සන්නිවේදන අත්දැකීම් සුපිරි විශිෂ්ටතාවයකින් උද්යෝගිමත්ව සමීප කළ, ඔබේ විශ්වාසය හා බැඳුණු සහකරු' ලෙස රැඳී සිටීමයි. පාරිභෝගික කේන්ද්‍රීයතාව ශ්‍රී ලංකාටෙලිකොම් සමාගමේ මූලික ගතිලක්ෂණයක් ලෙස දැක්විය හැකි අතර අප අබගේ ව්‍යාපාරික කටයුතු හා උපායමාර්ග සෑම විටම හැඩගස්වන්නේ වටිනා පාරිභෝගිකයින්ට ඔබින පරිද්දෙනි. අපගේ සමාගම් ජාලය තුළ බොහෝ ස්ථාන වෙත ISO 9001:2008 ප්‍රමිතිය හඳුන්වා දීමෙන් පෙනී යන්නේද පාරිභෝගික භවතුන් වෙත ඉහළ සේවාවක් ලබා දීමට අප නිරන්තරයෙන් කැපවී සිටින බවයි.

ශ්‍රී ලංකා ටෙලිකොම් සමාගමේ පාරිභෝගික ප්‍රතිඥාව

සමස්ථ සමාජයට වඩාත් අදාළ නිපැයුම් හා සේවා මාලාවක් හඳුන්වා දීමේ ප්‍රයත්නයේදී වැඩිම වැදගත්කමක් ලබා දෙන පැතිකඩක් වන්නේ වගකීම්සහගත අයුරින් පාරිභෝගිකයා වෙත සේවා සැපයීමයි. සෑම අවස්ථාවකදීම හොඳම සේවා හා නිපැයුම් ලබා දෙන බව සහතික කරන අප සමාගම, පවතින පාරිසරික නියාම හා සදාචාරසම්පන්න ප්‍රසම්පාදන ක්‍රමවේද අනුගමනය කරමින් එම සේවා හා නිපැයුම් තව තවත් දියුණු කිරීමට කැප වී සිටියි. ශ්‍රී ලංකා ටෙලිකොම් සමාගම තුළ භාවිත වන්නේද ඉහළ විනිවිදභාවයකින් යුත් ක්‍රියා පිළිවෙත් වන අතර විශේෂයෙන්ම, අපගේ ප්‍රසම්පාදන ක්‍රමවේද සකසා තිබෙන්නේ අප සමාගමේ සේවා හා නිපැයුම් සියල්ලම නිසි සෞඛ්‍ය හා ආරක්ෂණ ප්‍රමිතීන්ට අනුකූලව බව සහතික කරමිනි.

සෑම නිෂ්පාදනයකම විශේෂ ශක්‍යතා හා එය කොතෙක් දුරට වත්මන් පාරිභෝගික වෙළඳපොළට අදාළද යන්න හඳුනා ගැනීම සඳහා සෑම නිෂ්පාදන පියවරකදීම ඒවා සුවිශේෂී පරීක්ෂාවන්ට ලක් කෙරේ. පාරිභෝගිකයා ගේ සෞඛ්‍ය හා ආරක්ෂණය වෙත බලපෑ හැකි සාධක හඳුනාගැනීම සඳහාද එම ප්‍රතිඵල යොදා ගැනේ. ශ්‍රී ලංකා ටෙලිකොම් ආයතනික වෙබ් අඩවිය, සබඳතා මධ්‍යස්ථානය, පෙරටු කාර්යාල (front offices) සහ අනෙකුත් පාරිභෝගික සේවා මධ්‍යස්ථාන මගින් අපගේ සේවා හා නිපැයුම් පිළිබඳ වැඩි විස්තර ලබාගත හැක.

අපගේ පාරිභෝගිකයින් විඳින සේවා අත්දැකීම තවදුරටත් ඉහළ නැංවීම සඳහා අප විසින් ගෙන ඇති පියවර කිහිපයක්:

  • ‍පාරිභෝගිකයන් සහ ක්ෂේත්‍ර කාර්යමණ්ඩලය අතර සමීප අන්තර්ක්‍රියාවලියක් සිදු වීමට මග පාදමින් නිරන්තරයෙන් පාරිභෝගික පරිශ්‍ර වෙත ගමන් කිරීමට පියවර ගැනීම.

  • ආයතනික වෙබ් අඩවිය, පාරිභෝගික සේවා මධ්‍යස්ථාන, සබඳතා මධ්‍යස්ථානය, සමාජ මාධ්‍ය හා අභ්‍යන්තර කාර්යමණ්ඩලය හරහා අපගේ සේවා හා නිෂ්පාදන පිළිබඳ ප්‍රතිචාර එක්රැස් කිරීම.

  • ඉහත මූලාශ්‍රවලින් ලැබෙන දත්ත විශ්ලේෂණ මත පදනම්ව කල් තබාම ගැටළු විසඳීම.

  • අහඹු ලෙස තෝරාගනු ලබන පාරිභෝගිකයින් වෙත දුරකතන ඇමතුම් ගැනීම.

  • බ්‍රෝඩ්බෑන්ඩ් සේවා තත්ත්වය නිසි නියාමන අවශ්‍යතාවලට අනුව හැඩගැස්වීම.

  • අපගේ සන්නාමය කෙබඳු අයුරින් වෙළඳපොළෙහි ක්‍රියාත්මක වේද යන්න සොයා බැලීමට කටයුතු කිරීම.

  • වරින් වර තෝරා ගනු ලබන නිෂ්පාදන/සේවා/පාරිභෝගික කාණ්ඩ වෙනුවෙන් පර්යේෂණ සිදු කිරීම.