Light
Dark
Pay your bill

ආයතනික සමාජ මෙහෙවර

all you want

වගකීම්සහගත ආයතනික පුරවැසියෙකු වශයෙන් ශ්‍රී ලංකා ටෙලිකොම් සමාගම, සමස්ථ ජන ප්‍රජාවේ අභිවෘද්ධිය පිණිස කැප වීම කෙරෙහි වැඩි වැදගත්කමක් ලබා දෙමින් කටයුතු කරයි. ජාතික විදුලිසංදේශන හා තොරතුරු තාක්ෂන සේවා සැපයුම්කරුවා වශයෙන් අපගේ ජාල හා යටිතලපහසුකම් ව්‍යාප්ත කිරීම සඳහා ප්‍රතිපත්ති සම්පාදනය කිරීමේදී සමස්ථ දිවයින පුරාම ඩිජිටල් සාක්ෂරතාව ඉහළ නැංවීම කෙරෙහි දැඩි අවධානයක් යොදවන අතර ශ්‍රී ලංකාවේ සෑම පුරවැසියෙකුම වෙත බ්‍රෝඩ්බෑන්ඩ් සහ තොරතුරු හා සන්නිවේදන තාක්ෂණ තාක්ෂණයන් සමීප කරවීම තුළින් ඩිජිටල් තාක්ෂණය ව්‍යාප්ත වීමේදි දැකිය හැකි බෙදීම් හා සීමා මගහැරීම කෙරෙහිද අපි නිරන්තර අවදානය යොමු කරන්නෙමු. මේ අතරම, තොරතුරු හා සන්නිවේදන තාක්ෂණ විෂයික අධ්‍යාපනය හා දැනුමවත් කිරීම් සිදු කරමින් නව පරපුර හා කාන්තා ප්‍රජාව බලගැන්වීමද අප සතු එක් අභිලාෂයකි. හොඳම තාක්ෂණය හොඳම මොහොතේදී හොඳම තැන වෙත හඳුන්වා දීම තුළින් අප උදක්ම බලාපොරොත්තු වන්නේ අධ්‍යාපන, සෞඛ්‍ය හා විනෝදාස්වාදාත්මක ක්‍ෂේත්‍ර පමණක් නොව අප රටේ ජනතාව වෙත ඩිජිටල් ජීවන රටාවක්ද උරුම කර දීමටයි.

ව්‍යාපාරික කටයුතුවලින් ඔබ්බට යමින් විවිධ ක්‍රම හරහා මෙරට පුරවැසියන්, සංවිධාන, වෘත්තීය ආයතන, පාසල්, රෝහල් හා ක්‍රීඩා කටයුතු ආදී සෑම වැදගත් අංශයක්ම ශක්තිමත් කිරීම වෙනුවෙන්ද අපි ඇප කැප වී සිටිමු. ආපදා හා ස්වභාවික උවදුරු ඇති වන අවස්ථාවලදී විවිධ මානුෂීය මෙහෙයුම් දියත් කිරීම සහ උපකාර අවශ්‍ය පුද්ගලයින්ගේ බලාපොරොත්තු දල්වාලන දැනට ක්‍රියාත්මක වෙමින් පවතින ව්‍යාපෘති ආදිය එවැනි සමාජ සත්කාර ප්‍රයත්නයන් අතරින් කිහිපයක් පමණි. අප මේ සියලු මෙහෙවරයන්ට දායක වී සිටින්නේ අපගේ ඒකායන ප්‍රාර්ථනාව හා ඉලක්කය වන්නේ මෙරට ජනයාගේ ජීවිතවල සෑම අංශයක්ම වෙත වටිනාකමක් එක් කරමින් හැකි සෑම මොහොතකම වෙනසක් ඇති කිරීම තුළින් සමස්ථ ශ්‍රී ලාංකේය ප්‍රජාවගේම අභිවෘද්ධිය වෙනුවෙන් කැප වීම වන හෙයිනි.

අධ්‍යාපනික සහාය හා සමාජ දැනුවත් කිරීම්

දේශීය උරුමය දක්වන කැලැන්ඩර් හා අනෙකුත් ප්‍රසාද භාණ්ඩ

‍ශ්‍රී ලංකාවේ දීර්ඝ කාලීන සංස්කෘතික හා ස්වභාවික උරුමයෙහි තිරසාරතාව සහත්ක කරනු වස් අනාගත පරපුරේ අභිවෘද්ධිය අරමුණු කරගත් "හෙට දින වෙනුවෙන් උරුමය සුරැකීමේ" සමාජ මෙහෙවර වෙත අපි සෑම විටම කැප වී සිටින්නෙමු. මේ යටතේ 2019 වසර සඳහා අප සමාගම විසින් නිර්මාණය කරන ලද කැලැන්ඩරයෙහි තේමාව වන්නේ "සිතුවම් කලාවේ ආඛ්‍යානය " යන්නයි. මෙතුළින් ශ්‍රී ලංකා ටෙලිකොම් සමාගමේ අප බලාපොරොත්තු වන දෙය නම් සිතුවම් කලාව ප්‍රචලිත කිරීම සඳහා ජනතාව දිරිමත් කිරීමයි.

පසුගිය වසරවල කැලැන්ඩර

2020 : චිත්‍ර කලාවේ ආඛ්‍යානය

2019 : ජලයේ අසිරිය

2018 : සබැදි ජීවිත

2017 : දේශීය සහල්

2016 : ශ්‍රී ලංකාවේ වන පළතුරැ

2015 : කොරල් පර

ශ්‍රී ලංකා ටෙලිකොම් සමාගම විසින් පසුගිය වසරවල් සඳහා නිර්මාණය කරන ලද කැලැන්ඩරවලට පාදක වූ තේමා වශයෙන් ඖෂධීය ශාක, ශ්‍රී ලංකාවට ආවේණික කුරුල්ලන්, ඕකිඩ් වර්ග, මිරිදිය මසුන්, ගොක් කලාව, ශ්‍රී ලංකාවේ කොරල් පර සහ ශ්‍රී ලංකාවේ කෝලම් වෙස්මුහුණු ආදිය සඳහන් කළ හැකිය. ශ්‍රී ලංකාවට ආවේණික සමනලුන් 2009 කැලැන්ඩරය සඳහා පාදක විය. අධික පළිබෝධනාශක හා කෘමිනාශක භාවිතය ඇතුළු හේතු විශාල ප්‍රමාණයක් නිසා ලොව සමනල් ගහණය ශීඝ්‍රයෙන් පහත වැටෙමින් පවතින පසුබිමක් තුළ ශ්‍රී ලංකාවේ සමනලුන් තවමත් වඳ වී යාමේ තර්ජනයට මුහුණ පා නැති වුවද ඔවුන් මුහුණ දී සිටින භයානක තත්ත්වය හා ඔවුන් ආරක්ෂා කර ගැනීමේ වැදගත්කම පිළිබඳ අවබෝධයක් මහජනයා අතර ඇති කිරීම කාලීන අවශ්‍යතාවක් බව අපට හැඟිණ.

ආයතන පරිශ්‍රය තුළ ලබා දෙන රැකියා පුහුණුව

විශ්වවිද්‍යාල හා වෙනත් උසස් අධ්‍යාපන ආයතන ආශ්‍රිතව අධ්‍යාපනය හදාරන සිසුන් සඳහා නවතම තාක්ෂණයන්ගෙන් අනූන දීප ව්‍යාප්ත ශ්‍රී ලංකා ටෙලිකොම් කාර්යාල ජාලය තුළ වෘත්තීය කේන්ද්‍රීය පුහුණුවක් ලබා දීමට කටයුතු සලසා තිබේ. විශේෂයෙන්ම, වත්මනෙහි භාවිත වන විවිධ නවතම තාක්ෂණයන් වෙත නිරාවරණය වෙමින් තම විෂය පථයට අදාළ ප්‍රායෝගික පුහුණුවක් ලබා ගැනීමට මෙමගින් අවස්ථාව ලැබේ. ඉංජිනේරු විද්‍යාව, තොරතුරු තාක්ෂණය, අලෙවිකරණය, මානව සම්පත් හා මූල්‍ය වැනි ක්ෂේත්‍ර කිහිපයක්ම යටතේ අප විසින් මෙම පුහුණුව ලබා දෙනු ලැබේ.

 

 

 

 

 

 

පොත් බෙදා හැරීමේ වැඩසටහන අඛණ්ඩ දස වැනි වසරට පා තබයි

2004 වසරේදී ආසියානු පදනමේද සහාය ඇතිව ආරම්භ කරන ලද පොත් බෙදා හැරීමේ මෙහෙයුම තවදුරටත් ඉදිරියට ගෙන යමින් පොත් බෙදා හැරීමේ වැඩසටහන් මාලාවක්ම 2013 වසරේදීද පවත්වන ලදි. "දැනුම් සම්පත බෙදා හැරීම" තේමාව කරගෙන දිවයින පුරා සිසු දරු දැරියන්ගේ හා ගුරුවරුන් වෙත අධ්‍යාපනික තොරතුරු හා ඉංග්‍රීසි භාෂා දැනුම ලබා දීම අරමුණු කරගත් වැදගත් ප්‍රජා සත්කාර ආයෝජනයක් වන මෙම වැඩසහන් මාලාවෙහි සමස්ථ අභිමතාර්ථය වන්නේ ශ්‍රී ලංකාවේ විශ්වවිද්‍යාල, වෘත්තීය පුහුණු ආයතන හා වෙනත් අධ්‍යාපනික ආයතන වෙත විවිධ විෂයයන්ට අදාළව ලියැවුණු පොත් පත් බෙදා දීමයි. ආසන්න වශයෙන් වසරකට පොත් 100,000 කට අධික ප්‍රමාණයක් මේ යටතේ බෙදා හැරීමට නියමිතව තිබේ.

ශක්‍යතා සංවර්ධනය

ඉහළ පිළිගැනීමක් ඇති ප්‍රදර්ශන විශාල ප්‍රමාණයකදී ශ්‍රී ලංකාව සතු තොරතුරු හා සන්නිවේදන ශක්‍යතා පිළිබිඹු කිරීම වෙනුවෙන් ශ්‍රී ලංකා ටෙලිකොම් සමාගම විශාල සහායක් ලබා දී තිබේ.

ප්‍රදර්ශන
  • ඉන්ෆෝටෙල් 2007-2019

  • ටෙක්නෝ 2019

  • දැයට කිරුළ 2014

  • චෝගම්

 

සම්මන්ත්‍රණ
  • FutureGov SAARC

  • ජාතික නීති සම්මන්ත්‍රණය 2013 – ශ්‍රී ලංකා නීතිඥ සංගමය

  • 26 වන ජාතික සම්මන්ත්‍රණය හා ජාතික ඇපෙක්ස් සම්මාන උළෙල

  • ජාතික ඉංජිනේරු සම්මන්ත්‍රණය

  • ඉන්ෆෝටෙල් වැනි තාක්ෂණික ප්‍රදර්ශනවලදී සිදු කරන ලද මහජන දැනුවත් කිරීම්.

  • ටෙක්නෝ - 2019

 

අනුග්‍රාහකත්ව

ක්‍රීඩා කටයුතු ශක්තිමත් කිරීම
  • ජාතික ඔලිම්පික් කමිටුව - Olympic Day Run, National Olympic Academy Sessions.

  • Gunner Supercross.

  • ශ්‍රී ලාංකා රාජ්‍ය සේවයේ ක්‍රීඩා උත්සවය

වෘත්තීයවේදය ශක්තිමත් කිරීම
  • වරලත් අලෙවිකරණ ආයතනයේ වාර්ෂික උත්සව අවස්ථා

  • CIMA Business Leaders’

  • Summit

  • CNCI Achievers’ Awards

  • ජාතික මානව සම්පත් සම්මන්ත්‍රණය

ජාතික ව්‍යවසායයන් ශක්තිමත් කිරීම
  • එන්ටර්ප්‍රයිස් ශ්‍රි ලංකා ප්‍රදර්ශනය

  • දැයට කිරුළ - 2014

  • ශ්‍රී ලංකා ජාතික ග්‍රන්ථ නාමාවලියේ 50 වන සංවත්සරය - ජාතික පුස්තකාල හා ප්‍රලේඛන මණ්ඩලය

  • ජාතික තැපැල් දිනය - තැපැල් දෙපාර්තමේන්තුව

  • Reflections of Sri Lanka – කර්මාන්ත හා වාණ්ජ අමාත්‍යංශය

 

Archives