Light
Dark
Pay your bill

ව්‍යවසායික

all you want

ශ්‍රී ලංකා ටෙලිකොම් බුද්ධිමය සේවාවන්හි ඉලක්කය වන්නේ ගෝලීය ව්‍යාපාරික කරළිය තුළ සාර්ථකත්වය කරා ළඟා වීම සඳහා පුළුල් පරාසයක් පුරා දිවෙන තොරතුරු සන්නිවේදන තාක්ෂණ විසඳුම්වලින් දේශීය ව්‍යාපාර සන්නද්ධ කිරීමයි. වේගවත්භාවය, සබැඳුම හා සුරක්ෂිතතාව සෑම ව්‍යාපාරයක් සඳහාම අවශ්‍ය මූලික සාධක වන අතර, ශ්‍රී ලංකා ටෙලිකොම් පුළුල් සේවා පරාසය මැනවින් සකස් වී ඇත්තේ එම අවශ්‍යතාද ඉක්මවා යන පරිදි සේවා සම්පාදනය කිරීම වෙනුවෙනි. විවිධ ව්‍යාපාරයන් ප්‍රබල ලෙස එක්තැන් වීම, ඉහළ නංවන ලද විශ්වසනීයත්වය, නම්‍යශීලීත්වය, සකසුරුවම්දායී ක්‍රියාකාරීත්වය ආදී ගතිලක්ෂණ ඇසුරින් වේගවත් ප්‍රගමනයක් කරා යාමට අපගේ අති පුළුල් සේවා ජාලය උපකාරී වනු නොඅනුමානයි.

Channels

දේශීය ව්‍යාපාරයන්ට ගෝලීය ව්‍යාපාරික කරළිය තුළ තරගකාරී ලෙස හැසිරීම පහසු කිරීම අරමුණු කරගත් ශ්‍රී ලංකා ටෙලිකොම් බුද්ධිමය සේවා විසඳුම් මාලාව මගින් මීළඟ පරපුරේ හඬ, දත්ත ගබඩා කිරීම් හා පාලිත සේවාවන් රැසක්ම ආවරණය කෙරේ. ගෝලීය පරිසරය තුළ හඬ, දත්ත හා වීඩියෝ ජාල සියල්ලම එක්තැන් කිරීමෙන් ව්‍යාපාරික සමාගම් ක්‍රියාත්මක වන ආකාරය කෙරෙහි කැපී පෙනෙන බලපෑමක් එල්ල වන අතර ශ්‍රී ලංකාව තුළ මෙකී විප්ලවය සිදු කරන්නට අපට හැකි වූ බව සටහන් කරන්නේ මහත් ආඩම්බරයෙනි. ශ්‍රී ලංකා ටෙලිකොම් බුද්ධිමය සේවාවන්හි ඉලක්කය වන්නේ ගෝලීය ව්‍යාපාරික කරළිය තුළ සාර්ථකත්වය කරා ළඟා වීම සඳහා පුළුල් පරාසයක් පුරා දිවෙන තොරතුරු සන්නිවේදන තාක්ෂණ විසඳුම්වලින් දේශීය ව්‍යාපාර සන්නද්ධ කිරීමයි. වේගවත්භාවය, සබැඳුම හා සුරක්ෂිතතාව සෑම ව්‍යාපාරකයක් සඳහාම අවශ්‍ය මූලික සාධක වන අතර, ශ්‍රී ලංකා ටෙලිකොම් පුළුල් සේවා පරාසය මැනවින් සකස් වී ඇත්තේ එම අවශ්‍යතාද ඉක්මවා යන පරිදි සේවා සම්පාදනය කිරීම වෙනුවෙනි. ශ්‍රී ලංකා ටෙලිකොම් සමාගම සතු හොස්ටිං සේවා සමස්ථය නිසා අපගේ තොරතුරු සන්නිවේදන තාක්ෂණ යටිතල පහසුකම් ඇසුරෙහි තමන් වඩාත් සුරක්ෂිත බව ව්‍යාපාරික සමාගම් වෙත හැඟෙනු නොඅනුමානය.