Site Map

පෞද්ගලික

පෞද්ගලික

all you want

IDD යන්නෙන් අදහස් වන්නේ අන්තර්ජාතික ඍජු ඇමතුම් හෙවත් International Direct Dialling පහසුකමයි. ශ්‍රී ලංකා ටෙලිකොම් සමාගම වෙතින් දිවයිනෙහි දැනට පවතින විශිෂ්ට අන්තර්ජාතික ඇමතුම් පහසුකම ඔබ වෙත සැපයෙන අතර ලොව සෑම රටක්ම වෙත ඇමතුම් ලබා ගැනීමට එමගින් ඉඩ සැලසේ. ඔබ එස් එල් ටී දුරකතනයක් මගින් දේශීය ඇමතුම් ලබා ගන්නා විට අත්විඳින ගුණාත්මකභාවයම දැන් ඔබට අන්තර්ජාතික ඇමතුම් ලබා ගැනීමේදීද අත්විඳිය හැකි බව අපි සතුටින් දැනුම් දෙමු.

එසේම ඕනෑම රටක් වෙත ලබා ගන්නා ඇමතුම් සඳහා ඔබට දරාගත හැකි ඇමතුම් ගාස්තු අය කෙරෙන අතර ඔබ ඇමතුමක රැඳී සිටින කාලය සඳහා පමණක් ගෙවීමට සිදු වෙන තත්ත්පරයට අය කිරීමේ ගාස්තු සැලසුමක් මීට අයත්ය. සෑම මෙගාලයින් ගෘහස්ථ දුරකතනයකම IDD පහසුකම ඇත. සිටිලින්ක් පාරිභෝගිකයින් හටද සිය ඉල්ලීම මත මෙම පහසුකම ලබා ගැනීමෙට හැකියාව තිබේ. යම් හෙයකින් ඔබේ දුරකතනයෙහි IDD පහසුකම සක්‍රීයව නොමැති නම්, කරුණාකර, ළඟම ඇති ශ්‍රී ලංකා ටෙලිකොම් කාර්යාලය වෙත යාමෙන්, pr@slt.lk වෙත විද්‍යුත් තැපැල් පණිවුඩයක් යැවීමෙන් හෝ 1212 අංකය අමතා දැනුම් දීම මගින් එස් එල් ටී IDD පහසුකම සක්‍රීය කර ගන්න.

SLT IDD පහසුකමෙන් අත් වන ප්‍රතිලාභ මොනවාද?
  • ලොව සෑම ස්ථානයක්ම වෙත ඇමතුම් ලබා ගැනීමේදී හොඳම ගාස්තු අය වීම.
  • තැන්පතු මුදලක් ඇතුළත් නොවීම.
  • ආරම්භක ගාස්තු නොමැති වීම.

 

පෙරගෙවුම් කාඩ්පත

 

ශ්‍රී ලංකා ටෙලිකොම් Budget IDD සේවාව මගින් ලොව ජනප්‍රියම රටවල් 50 ක් වෙත අඩුම ගාස්තු යටතේ සුපැහැදිලි හඬ ඇමතුම් ලබා ගැනීමේ අවස්ථාව ඔබ වෙත සැලසේ. දැන් ඔබටත් SLT Budget IDD පෙරගෙවුම් කාඩ්පත් භාවිත කරමින් ඕනෑම දුරකතනයකින් ඔබේ සමීපතමයන් ඇමතීමේ අවස්ථාව ඇත. මෙම කාඩ්පත් රු. 100 සිට ඉහළට ලබාගත හැක. SLT Budget IDD අන්තර්ක්‍රියාකාරී හඬ සේවාව මගින් ඔබට අන්තර්ජාතික ඍජු දුරකතන ඇමතුම් ලබා ගැනීම පිළිබඳ අංගසම්පූර්ණ මගපෙන්වීමක් ලබා දනු ලැබේ.

ලබාගත හැකි කාඩ්පත්

ඕනෑම ශ්‍රී ලංකා ටෙලිකොම් ප්‍රාදේශීය කාර්යාලයකින්, ටෙලිෂොප් මධ්‍යස්ථානයකින් හෝ දිවයින පුරා පිහිටි 3000 කට අධික අපගේ අලෙවි නියෝජිතයින්ගෙන් SLT Budget IDD කාඩ්පත් මිලදී ගත හැක.

කාඩ්පතේ අගය

වලංගු කාලය

රු.100දින 10
රු.200දින 20
රු.500දින 30

 

IDD අමතුම් ලබා ගන්නා අයුරු

පහත අංක ඇමතීමෙන් SLT Budget IDD අන්තර්ක්‍රියාකාරී හඬ උපදෙස් සේවාව වෙත පිවිසෙන්න:

ගාස්තු

IVR සේවාව භාවිත කිරීම පිළිබඳ උපදෙස්

අපගේ ස්වයංක්‍රීය හඬ සේවා පද්ධතියෙහි සාර්ථකව තහවුරු වීමෙන් පසුව වෙනත් සේවා ලබා ගැනීම සඳහා පහත කේත අංක අමතන්න.

සේවාව වලංගු රටවල් ලැයිස්තුව

ඕස්ට්‍රේලියාව
ඔස්ට්‍රියාව
බහරේනය
බංග්ලාදේශය
බෙල්ජියම
කැනඩාව
චීනය
සයිප්‍රස්
ඩෙන්මාර්කය
ඊජිප්තුව
ප්‍රංශය
ජර්මනිය
ග්‍රීසිය
හොංකොං
ඉන්දියාව
ඉන්දුනීසියාව
ඉතාලිය
අයර්ලන්තය
ඊශ්‍රායලය
ඉරානය
ජපානය
ජෝර්දානය
කුවේට්
ලෙබනනය
මැලේසියාව
මියන්මාරය
නේපාලය
නෙදර්ලන්තය
නවසීලන්තය
නයිජීරියාව
නෝර්වේ
ඕමානය
පකිස්තානය
පිලිපීනය
කටාර්
රුසියාව
සවුදි අරාබිය
සිංගප්පූරුව
දකුණු අප්‍රිකාව්‍ර
දකුණු කොරියාව
තුර්කිය
ස්පාඤ්ඤය
ස්වීඩනය
ස්විට්සර්ලන්තය
තායිවානය
තායිලන්තය
වියට්නාමය
එක්සත් අරාබි එමිරේටස්
ඇමරිකා එක්සත් ජනපදය
එක්සත් රාජධානිය
මගේ නිවසේ ඇති එස් එල් ටී මෙගාලයින් දුරකතනයෙහි IDD පහසුකම තිබේද?

ඔව්. ඔබේ මෙගාලයින් දුරකතනයෙහි මෙ පහසුකම සක්‍රීය කර ඇත.

එස් එල් ටී ව්‍යාපාරික දුරකතනයක් හිමි පාරිභෝගිකයෙකු සතුව IDD පහසුකම තිබේද?

එස් එල් ටී ව්‍යාපාරික දුරකතන ග්‍රාහකයෙකු හට මෙම පහසුකම ලැබෙන්නේ ඔහු/ඇය ඒ සඳහා ඉල්ලුම් කර ඇත්නම් පමණි.

එස් එල් ටී IDD පහසුකම සඳහා ගාස්තු අය වන්නේ තත්ත්පරයටද, නැතහොත් විනාඩියටද?

එස් එල් ටී IDD පහසුකම සඳහා ගාස්තු අය වන්නේ තත්ත්පරයට වේ.

IDD යන්නෙන් අදහස් වන්නේ කුමක්ද?

International Direct Dialing.

ජංගම දුරකතනයෙන් එස් එල් ටී IDD ඇමතුම් ලබා ගැනීමේදී අත් වන ප්‍රතිලාභ මොනවාද?

ඉතාම ඉහළ ගුණාත්මකභාවයකින් යුත් හඬ තත්ත්වය. නොනවතින සේවාව. ඉතා පහසුවෙන් ග්‍රාහකයා සමග සම්බන්ධ විය හැකි වීම.

මා ලබා ගන්නා IDD ඇමතුම්වලට අදාළ විස්තර ලබා ගත හැකිද?

ඔව්. ඔබේ දුරකතන බිල් පත සමග එම විස්තර ලැබේ.

ශ්‍රී ලංකාවේදී අය කෙරෙන ඇමතුම් අයබදු ප්‍රමාණය කොතෙක්ද?

විනාඩියකට රු. 3.00 කි.

IDD පහසුකම ලබා ගැනීමේදී මා විසින් කිසියම් තැන්පතුවක් සිදු කළ යුතුද?

නැත.

මෙගාලයින් හා සිටිලින්ක සබඳතා සඳහා එකිනෙකට වෙනස් ඇමතුම් ගාස්තු අදාළ වේද?

නැත. මෙගාලයින් හා සිටිලින්ක් IDD ඇමතුම් ගාස්තු එක සමානය.

IDD ඇමතුම් ලබා ගැනීම සඳහා සිටිලින්ක් පෙරගෙවුම් කාඩ්පත් භාවිත කළ හැකිද?

එසේ කළ හැකිය.

Scroll To Top