Light
Dark
Pay your bill

දළ දේශීය නිෂ්පාදිතයට බලපෑම

all you want

ශක්තිමත්, විශ්වසනීය හා දීප ව්‍යාප්ත තොරතුරු සා සන්නිවේදන තාක්ෂණ යටිතලපහසුකම් ව්‍යුහයක පැවැත්ම ශ්‍රී ලාංකීය ව්‍යාපාරික ආයතන හා ජාතික ආර්ථිකයේ යහපැවැත්ම උදෙසා මහෝපකාරී වේ. ජාතික විදුලිසංදේශන සේවා සැපයුම්කරුවා වශයෙන් අප සතු දී ව්‍යාප්ත තොරතුරු හා සන්නිවේදන සේවා පහසුකම් ජාලයෙහි සහාය ඇතිව සිය ව්‍යාපාරික කටයුතු වඩා සාර්ථකව ඉටු කිරීමේ හැකියාව දේශීය ව්‍යාපාරික සමාගම් වෙත ලබා දීමට කටයුතු සලසා ඇත. ජාතික ආර්ථිකයට සහාය වන අතරම දැනුමින් පොහොසත් සමාජයක් බිහි කිරීමද අපේ එක් අභිලාෂයකි. අධිවේගී, සැමට ලබා ගත හැකි බ්‍රෝඩ්බෑන්ජ් අන්තර්ජාල සබැඳියාව ලබා දීම තුළින් අප බලාපොරොත්තු වන එක් අරමුණක් වන්නේද සමස්ථ ජාතියම වෙත ආර්ථික හා සමාජයීය ප්‍රතිලාභ රැසක් අත්කර දීමට හැකි උපරිමයෙන් දායක වීමයි. මෙවැනි ප්‍රයත්න හරහා දළ දේශීය නිෂ්පාදිතය වර්ධනය කිරීමට අපි නිරතුරුව දායක වෙමු. මේ අතරම, දකුණු ආසියානු කලාපයේ ආර්ථික කේන්ද්‍රස්ථානය බවට පත් වීමට ශ්‍රී ලංකාවට සවිය දෙන මීළඟ පරපුරේ ජාල (next generation networks) සපයන්නේද අප විසිනි.

අප සතු සන්නිවේදන ජාලය අංග සම්පූර්ණ හා අති නවීන මීළග පරපුරේ ජාලයක් (next generation network) බවට පත් කිරීමේ මෙහෙයුම මේ වන විටත් ක්‍රියාත්මක වෙමින් පවතී. මේ අතරම, ඉතා ශක්තිමත් ලෙස ජාතික තොරතුරු තාක්ෂණ හා විදුලිසංදේශන යටිතලපහසුකම් ව්‍යුහය ස්ථාපිත කිරීමට සිදු වේ. ශ්‍රී ලංකාවේ ප්‍රධාන සන්නිවේදන යටිතලපහසුකම් ව්‍යුහය විප්ලවීය වෙනසකට බඳුන් කරන මීළඟ පරපුරේ ජාල විසින් සාම්ප්‍රදායික තාක්ෂණයන් වෙනුවන නව ප්‍රවණතා හඳුන්වා දෙමින් ශ්‍රී ලංකාව ඉදිරි තොරතුරු තාක්ෂණ වර්ධනයන්ට සූදානමින් තබනු නොඅනුමානය. පසුගය වසර NGN ජාල වෙත මාරු වීමේදී පුරාවට ශ්‍රී ලංකා ටෙලිකොම් සමාගම ලැබූ සාර්ථකත්වය නිසාම තවත් වසර 10 ක් සඳහා ශ්‍රී ලංකා විදුලිසංදේශන නියාමන කොමිෂන් සභාවෙන් මෙහෙයුම් බලපත් ලබා ගැනීමට අපට හැකි වී තිබේ.

අපගේ පාරිභෝගික පදනමේ වර්ධනය