ජංගම හා ස්ථාවර දුරකතන සේවා සපයන්නන්, අන්තර්ජාල සේවා සැපයුම් සමාගම්, සන්නිවේදන සේවා නැවත විකුණන සමාගම් හා බාහිර ගේට්වේ මෙහෙයවීම් සමාගම්, දත්ත සන්නිවේදන සේවා සැපයුම්කරුවන් හා අතථ්‍ය සේවා සැපයුම්කරුවන් ආදී පාර්ශ්ව වෙනුවෙන් ශ්‍රී ලංකා ටෙලිකොම් සමාගමේ අපි තොග විකුණුම් සේවා රැසක් ඉදිරිපත් කරන්නෙමු.
ශ්‍රී ලංකාවේ විශාලතම තොග වෙළඳාම් සේවා සැපයුම්කරුවා වශයෙන් පාරිභෝගික සන්තෘප්තිය හැකි උපරිමයෙන් ඉහළ නැංවීමේ අරමුණින් ඉහළම ප්‍රමිතියක් හා විශ්වසනීයත්වයක් පවත්වා ගන්නා බව සහතික කරමු. නවතම තොග විකුණුම් නිෂ්පාදන පාරිභෝගිකයින් වෙත ලබා දෙනු පිණිස අපි සෑම විටම අපගේ සමාගමික පැතිකඩ තව තවත් ව්‍යාප්ත කිරීමට පියවර ගන්නෙමු. අතථ්‍ය සේවා සැපයුම්කරුවන් (virtual service providers) වෙනුවෙන් සපයන සම-ස්ථානගත කිරීම් (co-location) හා ක්ලවුඩ් පාදක කරගත් සේවාද මීට ඇතුළත් වෙයි.
ශ්‍රී ලංකාවේ ජාතික තොරතුරු සන්නිවේදන තාක්ෂණ යටිතලපහසුකම් සැපයුම් සමාගම වන ශ්‍රී ලංකා ටෙලිකොම් සමාගම මේ වන විටත් දේශීය සේවා සැපයුම්කරුවන්ගේ අවශ්‍යතා සන්තෘප්ත කරනු පිණිස අංගසම්පූර්ණ ආරක්ෂාවක් යටතේ දීප ව්‍යාප්ත ෆයිබර් ජාලයක් ව්‍යාප්ත කර ඇත.
අර්ධ හෝ අංගසම්පූර්ණ පාලිත සේවා (Managed Services) ඇසුරින් අපි මෙම සේවාව ලබා දෙන්නෙමු. සාම්ප්‍රදායික සේවා මෙන්ම මීළඟ පරපුරේ අන්තර්ජාල ප්‍රොටොකෝල මත පදනම් වූ සේවාවන්ද මීට අයත් වන අතර අතිශයින් තරගකාරී ව්‍යාපාරික පරිසරයක් තුළ උපරිම ලාභ ලැබීමට අපගේ පාර්භෝගිකයින් හට මෙය උපකාරී වෙයි.
ඉහළ මට්ටමේ විශ්වසනීයත්වයක් හා අති පුළුල් පරාසයක සේවා ලබා ගැනීමට ඇති ඉඩ කඩ තහවුරු කරමින් දේශීය දත්ත සම්ප්‍රේෂණ විසඳුම් හරහා අප සිදු කරන්නේ අපගේ නවතම සන්නිවේදන යටිතලපහසුකම් ව්‍යුහය හරහා රට තුළ ස්ථාන දෙකක් අතර සම්බන්ධතාවක් ගොඩ නැගීමයි. අපගේ දත්ත සම්ප්‍රේෂණ සේවා විවිධ තාක්ෂණයන් සමග සම්බන්ධව පවතින අතර ඉන් කිහිපයක් පහත දැක්වේ.
ශ්‍රී ලංකා ටෙලිකොම් සමාගම ගෝලීය මට්ටමේ T1 මෙහෙයුම් සමාගම් සමග ඇති සබඳතා යොදා ගනිමින් ලොව ඉහළම මට්ටමේ සම්ප්‍රේෂණ සේවා සපයයි. මෙය, අපගේ අධිවේගී විශ්වසනීය සන්නිවේදන යටිතලපහසුකම් ව්‍යුහය ඔස්සේ ලොව ඕනෑම තැනක් සමග සම්බන්ධ වීමට කදිම අවස්ථාවක් සපයයි.
අපගේ ජාත්‍යන්තර මට්ටමේ සම්ර්ප්රේෂණ විසඳුම් මෙසේය,
අපි, පුළුල් පරාසයක විහිදෙන තොග විකුණුම් අන්තර්ජාල සේවා සපයන්නෙමු.
සපයනු ලබන සේවා
අපගේ අති නවීන දත්ත මධ්‍යස්ථාන සේවා මගින් ඔබේ ව්‍යාපාරයට අතිශයින් වැදගත් දත්ත හා යෙදුම් පහසුවෙන් කළමනාකරණය කර ගැනීමට මහඟු අවස්ථාවක් ලැබෙනු නොඅනුමානය.
මේ අතර පහත සේවා ඇතුළත් වේ,
දැන් ඔබට සන්නිවේදන යටිතලපහසුකම් වෙනුවෙන් ආයෝජනය කිරීමෙන් නිදහස් විය හැකියි. මීට හේතුව වන්නේ ඔබේ ව්‍යාපාරික පද්ධති සම-ස්ථානගත කිරීම (co-locate) සඳහා අවශ්‍ය පහසුකම් රැසක් අප ඔබ වෙත ලබා දෙන හෙයිනි.
අප විසින් පහත පහසුකම් සපයනු ලැබේ,
ශ්‍රී ලංකාවේ එකම ජාතික තොරතුරු සන්නිවේදන තාක්ෂණ යටිතලපහසුකම් සපයන්නා වශයෙන් ශ්‍රී ලංකා ටෙලිකොම් සමාගම විසින් විවිධ සේවා සැපයුම් සමාගම්වල දේශීය සම්ප්‍රේෂණ අවශ්‍යතා ඉටු කරනු පිණිස දීප ව්‍යාප්ත, අංගසම්පූර්ණ ආරක්ෂාවක් සහිත ෆයිබර් ජාලයක් ව්‍යාප්ත කර තිබේ. මේ වන විට මෙම යටිතලපහසුකම් ජාලය දිවයිනේ මැතිවරණ කොට්ඨාස 168 ට ආවරණය කර ඇති අතර ඉදිරි වසර පහ ඇතුළත එය සෑම ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයක් වෙතම ව්‍යාප්ත කිරීම අපේ ඉලක්කයයි.
මින් පෙර පැවති සාම්ප්‍රදායික ජාල නඩත්තු කිරීම සඳහා ගත වූ මුදල් ප්‍රමාණය කැපී පෙනෙන ලෙස පහත හෙළමින් දේශීය සන්නිවේදන තාක්ෂණ සේවා සැපයුම්කරුවන් වෙත අති විශිෂ්ට සේවාවක් සැපයීමේ පරම අරමුණ මුල් කරගත් මෙම යටිතලපහසුකම් ජාලය මගින් කාර්යක්ෂමතාව වැඩිදියුණු වීම, වේගවත් ලෙස සේවා ලබා දීය හැකි වීම, වේගය හා කාර්යසාදනය ඉහළ යාම ආදී ප්රතිලාභ රැසක් සැලසෙයි.
ශ්‍රී ලංකා ටෙලිකොම් සමාගම, ජාතික තොරතුරු සන්නිවේදන තාක්ෂණ යටිතලපහසුකම් සැපයුම්කරුවා වශයෙන් ක්‍රියාත්මක කරන මෙම ජාලය හේතුවෙන් සිය පාරිභෝගිකයින් වෙත සේවා සැපයීම සඳහා විවෘත හා සැමට සමාන ප්‍රවේශයක් දේශීය සන්නිවේදන සේවා සැපයුම් සමාගම් වෙත හිමි වේ.
We offer a range of transport services on NBN