all you want

1973 දී පිහිටුවන ලද මෙරටුව පුහුණු මධ්‍යස්ථානය පළමු ශ්‍රී ලංකා ටෙලිකොම් පුහුණු මධ්‍යස්ථානයයි. මෙය පිහිටා ඇත්තේ පැරණි ගාලු පාරේ හොරේතුඩුවේ වන අතර කළුතර, පිළියන්දල හා කොළඹ යන නගරවල සිට ඊට ළඟා වීම වඩා පහසුය.

අංගසම්පූර්ණ විද්‍යාගාර, නවීන පන්ති කාමර, ශ්‍රවණාගාරයක්, පුස්තකාලයක් හා පරිපාලන කාර්යාල ආදියෙන් සමන්විත මෙම පුහුණු මධ්‍යස්ථානයෙහි ක්‍රිකට්, වොලිබෝල්, බැඩ්මින්ටන් සහ මේස පන්දු, කැරම්, චෙස් වැනි ගෘහස්ථ ක්‍රීඩා සඳහා ක්‍රීඩාගාරයක්ද ඉදිකර තිබේ. මීට අමතරව, සිසුන්ගේ භාවිතය පිණිස අංග සම්පූර්ණ ශරීර සුවතා හා ව්‍යායාම් ශාලාවක්ද මොරටුව පුහුණු මධ්‍යස්ථානයට අයත්ය.

පාඨමාලා

 

  • ව්‍යවහාරික විදුලිසංදේශන පද්ධති පිළිබඳ තාක්ෂණවේදී සහතිකපත් පාඨමාලාව
  • ව්‍යවහාරික විදුලිසංදේශන පද්ධති පිළිබඳ තාක්ෂණවේදී ඩිප්ලෝමාව පාඨමාලාව
  • විද්‍යුත්/ඉලෙක්ට්‍රොනික ඉංජිනේරු විද්‍යාව (සන්නිවේදන) පිළිබඳ BTEC උසස් ජාතික ඩිප්ලෝමාව
  • ව්‍යවහාරික තොරතුරු තාක්ෂණය පිළිබඳ සහතිකපත් පාඨමාලාව
  • බහුමාධ්‍ය වෙබ් අඩවි නිර්මාණකරණය පිළිබඳ සහතිකපත් පාඨමාලාව
  • ජාවා ක්‍රමලේඛන සහතිකපත් පාඨමාලාව
  • Java 2 Enterprise Edition (J2EE) සහතිකපත් පාඨමාලාව
  • Oracle 10g දත්තපදනම් පාඨමාලාව (SQL)
  • PL/SQL
  • සංදාම හඳුන්වාදීමේ සහතිකපත් පාඨමාලාව
  • පොලිඑතිලීන් සංදාම පිරිද්දීම් හා ආවරණ ක්‍රම පිළිබඳ සහතිකපත් පාඨමාලාව
  • ප්‍රකාශ තන්තු පිරිද්දුම් හා ආවරණ ක්‍රම පිළිබඳ සහතිකපත් පාඨමාලාව
  • ප්‍රකාශ තන්තු පිරිද්දුම් හා මිනුම් ක්‍රම පිළිබඳ සහතිකපත් පාඨමාලාව
 
 
Scroll To Top