You are here

විදුලිසංදේශන

all you want

ජාතික මෙන්ම අන්තර්ජාතික විදුලිසංදේශන සමාගම්වල සහායද හිමි ශ්‍රී ලංකා ටෙලිකොම් සමාගමේ අති නවීන විදුලිසංදේශන දත්ත සම්ප්‍රේෂණ ජාලය මෙරට විදලිසංදේශන යටිතලපහසුකම් ව්‍යුහයේ පදනම වේ. තඹ හා ප්‍රකාශ තන්තු සංදාම යෙදීමේ තාක්ෂණයන් (optical fibre cabling) පිළිබඳව ශ්‍රී ලංකා ටෙලිකොම් සමාගම සතු අති විශිෂ්ට දැනුම ලබා ගත හැකි දොරටු, මෙම සුවිශේෂී ක්ෂේත්‍රෙයහි වෘත්තීය දිවියක් ඇරඹීටම කැමති ඔබ වෙනුවෙන්ද දැන් විවර වී තිබේ.

ලබා දෙන සුදුසුකම්

 

  • ව්‍යවහාරික විදුලිසංදේශන පද්ධති පිළිබඳ සහතිකපත් පාඨමාලාව (Certificate in Applied Telecommunication Systems)
  • Synchronous Digital Hierarchy
  • Pulse Code Modulation
  • ප්‍රකාශ තන්තු දත්ත සම්ප්‍රේෂණ පද්ධති (Fibre Optic Transmission Systems)
  • ඩිජිටල් මයික්‍රෝවේව් රේඩියෝ
  • ඩිජිටල් සම්ප්‍රේෂණ - I
  • ඩිජිටල් සම්ප්‍රේෂණ - II
  • Digital Multiplexing

 

ව්‍යවහාරික විදුලිසංදේශන පද්ධති පිළිබඳ සහතිකපත් පාඨමාලාව

ප්‍රකාශ තන්තු ආශ්‍රිත විදුලිසංදේශනයෙහි සියලුම න්‍යායික පැති සහ functional blocks හා units වල මෙහෙයුම් ආශ්‍රිත පැතිකඩ හා ඒවා සමග කටයුතු කරන ආකාරය පිළිබඳ පුළුල් දැනුමක් ලබා දීම මෙම පාඨමාලාවේ අරමුණයි.

ඇතුළත් වීමේ අවම සුදුසුකම්:

විදුලිසංදේශන ජාල කෙරෙහි උනන්දුවක් දක්වන පාසල් අධ්‍යාපනය හමාර කළ අය හා වෘත්තිකයින් හට මේ සඳහා අයැදුම් කළ හැක.

පාඨමාලා කාලය :
දින 20
මීළඟ බඳවා ගැනීම :
ඉල්ලුම මත
ස්ථානය :
වැලිසර
පාඨමාලා ගාස්තුව :
රු. 23,000.00

 

 
 
Scroll To Top