You are here

තොරතුරු තාක්ෂණ

all you want

වත්මන් ලෝකයේ විවිධ ක්ෂේත්‍රවල රැකියා අවස්ථා සම්භාරයක් වෙත මං පාදා දෙන ප්‍රධානතම සාධකය ලෙස තොරතුරු තාක්ෂණය සඳහන් කළ හැකිය. දේශීය මෙන්ම අන්තර්ජාතික වශයෙන්ද තොරතුරු තාක්ෂණ වෘත්තිකයින් සඳහා ඇත්තේ ඉතා ඉහළ ඉල්ලුමකි. මේ කරුණු සැලකිල්ලට ගනිමින්, තොරතුරු හා සන්නිවේදන තාක්ෂණය ආශ්‍රිත රැකියාවක නියැලීම සඳහා විශේඥ දැනුමක් අපේක්ෂා කරන සිසුන් වෙනුවෙන් තොරතුරු තාක්ෂණ පාඨමාලා රැසක්ම අප විසින් සකසා තිබේ.

 

ලබා දෙන සුදුසුකම්

 

 

J2EE සහතිකපත් පාඨමාලාව

මේ යටතේ ඔබට දත්ත පදනමක් වෙත සම්බන්ධ කෙරෙන වෙබ් පාදක කරගත් අන්තර්ක්‍රියාකාරී යෙදුම් (interactive web based applications) නිර්මාණය කිරීම පිළිබ දැනුමක් ලබා ගත හැක. මූලික වශයෙන්ම Java 2 Enterprise Edition (J2EE) මත පාදක වන මෙම පාඨමාලාව සකසා ඇත්තේ ප්ලැට්ෆෝර්ම කිහිපයකම සිට ක්‍රියාත්මක විය හැකි මෘදුකාංග\යෙදුම් නිර්මාණය කිරීමට අවශ්‍ය මූලික උපකරණ හා ක්‍රමශිල්ප පිළිබඳ දැනුමක් ලබාගත හැකි පරිදිය.

මෙය මූලික වශයෙන්ම, පරිගණක ක්‍රමලේඛ භාෂා (විශේෂයෙන්ම Java) පිළිබඳ මූලික දැනුමක් සහිත පාසල් අධ්‍යාපන හමාර කළ සිසුන් හා පද්ධති සංවර්ධනයෙහි (Systems Development) නිරත වී ඉලක්ක කරගත් පාඨමාලාවකි.

ඇතුළත් වීමේ අවම සුදුසුකම්:

ජාවා ක්‍රමලේඛන සහතිකපත් පාඨමාලාව සාර්ථක ලෙස නිම කර තිබීම.

හෝ ජාවා පරිගණක භාෂාව පිළිබඳ මූලික දැනුමක් සහිත ඕනෑම කෙනෙකුට මේ සඳහා අයැදුම් කළ හැක.

පාඨමාලා කාලය :
දින 04
මීළඟ බඳවා ගැනීම :
ඉල්ලුම මත
ස්ථානය :
මොරටුව
පාඨමාලා ගාස්තුව :
රු. 11,050.00

 

 
 
Scroll To Top