You are here

තොරතුරු තාක්ෂණ

all you want

වත්මන් ලෝකයේ විවිධ ක්ෂේත්‍රවල රැකියා අවස්ථා සම්භාරයක් වෙත මං පාදා දෙන ප්‍රධානතම සාධකය ලෙස තොරතුරු තාක්ෂණය සඳහන් කළ හැකිය. දේශීය මෙන්ම අන්තර්ජාතික වශයෙන්ද තොරතුරු තාක්ෂණ වෘත්තිකයින් සඳහා ඇත්තේ ඉතා ඉහළ ඉල්ලුමකි. මේ කරුණු සැලකිල්ලට ගනිමින්, තොරතුරු හා සන්නිවේදන තාක්ෂණය ආශ්‍රිත රැකියාවක නියැලීම සඳහා විශේඥ දැනුමක් අපේක්ෂා කරන සිසුන් වෙනුවෙන් තොරතුරු තාක්ෂණ පාඨමාලා රැසක්ම අප විසින් සකසා තිබේ.

 

ලබා දෙන සුදුසුකම්

 

 

ජාවා ක්‍රමලේඛන සහතිකපත් පාඨමාලාව

ජාවා ක්‍රමලේඛන සහතිකපත් පාඨමාලාව මගින් ජාවා පරිගණක භාෂාවේ මූලිකාංගවල සිට ඉහළ මට්ටමේ මාතෘකා දක්වා කරුණු විශාල ප්‍රමාණයක් ආවරණය වේ. ජාවා භාෂාවේ මූලික රීතිවලින් ඇරඹී object-oriented සංකල්ප ක්‍රියාත්මක වන ආකාරය දක්වා මෙය ව්‍යාප්ත වේ. මෙම පාඨමාලාව හැදෑරීමෙන් පරිගණක ක්‍රමලේඛන භාෂාවන්හි මූලිකාංග පිළිබඳ අවබෝධයක් ලබා ගැනීමට සිසුන්ට හැකි වනු ඇත. මෙය, object-oriented ජාවා වැඩසටහන් ලිවීමට සිදු වන ක්‍රමලේඛන ශිල්පීන් මෙන්ම වැඩිදුර දැනුම බලාපොරොත්තු වන අත්දැකීම් බහුල ජාවා ක්‍රමලේඛකයන් සඳහාද ගැලපෙන පාඨමාලාවකි.

ඇතුළත් වීමේ අවම සුදුසුකම්:

මෘදුකාංග සංවර්ධනයෙහි නියැළෙන ඕනෑම කෙනෙකු මේ සඳහා සුදුසුකම් ලබයි.

පාඨමාලා කාලය :
දින 04
මීළඟ බඳවා ගැනීම :
ඉල්ලුම මත
ස්ථානය :
මොරටුව
පාඨමාලා ගාස්තුව :
රු. 9,200.00

 

 
 
Scroll To Top