You are here

තොරතුරු තාක්ෂණ

all you want

වත්මන් ලෝකයේ විවිධ ක්ෂේත්‍රවල රැකියා අවස්ථා සම්භාරයක් වෙත මං පාදා දෙන ප්‍රධානතම සාධකය ලෙස තොරතුරු තාක්ෂණය සඳහන් කළ හැකිය. දේශීය මෙන්ම අන්තර්ජාතික වශයෙන්ද තොරතුරු තාක්ෂණ වෘත්තිකයින් සඳහා ඇත්තේ ඉතා ඉහළ ඉල්ලුමකි. මේ කරුණු සැලකිල්ලට ගනිමින්, තොරතුරු හා සන්නිවේදන තාක්ෂණය ආශ්‍රිත රැකියාවක නියැලීම සඳහා විශේඥ දැනුමක් අපේක්ෂා කරන සිසුන් වෙනුවෙන් තොරතුරු තාක්ෂණ පාඨමාලා රැසක්ම අප විසින් සකසා තිබේ.

 

ලබා දෙන සුදුසුකම්

 

 

Certificate in Applied Information Technology (CAIT)

පෙරිෆරල්, විවිධ මෘදුකාංග\යෙදුම් පැකේජ, ක්‍රමලේඛනය හා දෘඩාංග පිළිබඳ දැනුමක් ලබා දෙන පාඨමාලාවකි. මෙම පාඨමාලාව සකසා ඇත්තේ පරිගණක සමග කටයුතු කිරීමේ ප්‍රවීණතා මට්ටම් ඉහළ නැංවීම අරමුණු කරගෙන වන අතර මෙය, මූලික පරිගණක දැනුමක් ලබා ගැනීමට හෝ තොරතුරු සන්නිවේදන තාක්ෂණ ක්ෂේත්‍රයෙහි වෘත්තීය ජීවිතයක් අරඹීමට කැමති ඕනෑම කෙනෙකු සඳහා උචිතය.

මෙම පාඨමාලාව සාර්ථකව නිම කිරීමෙන් අනතුරුව, අ. පො. ස. සාමානය පෙළ විභාගයේදී ගණිතය, ඉංග්‍රීසි හා මව්බස සඳහා සම්මාන සාමාර්ථ ලබා ඇති සිසුන් සඳහා මාස 06 ක පුහුණුවක් ශ්‍රී ලංකා ටෙලිකොම් පුහුණු මධ්‍යස්ථානය විසින් ලබා දෙනු ලැබේ.

පාඨමාලා කාලය :
මාස 2½
මීළඟ බඳවා ගැනීම :
2019 සැප්තැම්බර් - ඔක්තෝම්බර්
ස්ථානය :
වැලිසර, මොරටුව, ගාල්ල හා පේරාදෙණිය
පාඨමාලා ගාස්තුව :
Full course fee:Rs.26,950
Registration fee:Rs.1,250
1st installment:Rs.13,700
2nd installment:Rs.6,000
3rd installment:Rs.6,000

 

 
 
Scroll To Top