මෙම සේවාව ලබා ගත හැකි වනුයේ
SLT MyAstro ජ්‍යොතිෂ සේවාව ඔබේ ජීවිතය පිළිබඳ නිවැරදි හා විශ්වාසවන්ත අනාවැකි ලබා දෙයි. එසේම, මෙම සේවාව දැනට රූපවාහිනී නාලිකා හා පුවත් පත් ආශ්‍රිතව භාවිත වන "තාරකා ශාස්ත්‍රය" පදනම් කරගත් සාම්ප්‍රදායික ජ්‍යොතිෂ කියවීම්වලට වඩා වෙනස් මගක් ගනියි.
සියලුම සිටිලිනික් පාරිභෝගිකයින් හට කෙටි පණිවුඩ හරහා මෙම සේවාව ලබා ගත හැක. සේවාව සඳහා ලියාපදිංචි වන්නන්ගේ කැමැත්ත මත Singlish හෝ ඉංග්‍රීසිවලින් අනාවැකි ලබා ගත හැක.
ඔබගේ ග්‍රහචාරයේ සිදු වන වෙනස්කම් ඔබට බලපාන සැටි දැන ගත හැක.
දිනය හෝ සතිය ඔබට බලපාන සැටි දැන ගන්න
මෙම සේවාව යටතේ ලබා දෙන ජ්‍යොතිෂ කියවීම් ආර්ථික තත්ත්වය, අධ්‍යාපනය, වෘත්තීය ජීවිතය, විවාහ දිවිය, ආදර සබඳතා, සෞඛ්‍ය තත්ත්වය, ඔබේ පවුල හා ශුභ/අශුභ වේලාවන් ආදී වශයෙන් කාණ්ඩ 08 ක් යටතේ වර්ගීකරණය කර ඇත.
ඔබේ පෞරුෂත්වය විශ්ලේෂණය කර ඇත්තටම ඔබ කෙබඳු අයෙකුදැයි දැනගන්න.
මෙය, පුද්ගලයින්ගේ මූලික චරිත ලක්ෂණ අංක විද්‍යාව ඇසුරින් විශ්ලේෂණය කිරීමේ අධ්‍යයන ක්රමයකි. කෙනෙකුගේ උපන් දිනයෙහි ඇතුළත් සංඛ්‍යාවල එකතුව හා නමෙහි අක්ෂරවලට අදාළ සංඛ්‍යාවන්හි එකතුව මගින් ඔහුගේ/ඇයගේ චරිත ස්වභාවය, ජීවන අරමුණු, ඔහු/ඇය උද්දීපනය කරන සාධක මොනවාද යන්න මෙන්ම ඔහු/ඇය තුළ ඇති හැකියාවන් ආදී විස්තර රැසක් දැනගත හැක.
පෞරාණික වෛදික ජ්‍යොතිෂ ශාස්ත්‍රයට අනුව ඔබට ගැලපෙන හෙඳම වේලාව සොයා ගන්න
රාහු කාලය, මරු සිටින දිශාව, සුභ දිශාව, සුභ මුහුර්තිය සහ දිව්‍යමය සුභ මුහුර්තිය යනාදිය මීට ඇතුළත් වෙයි.
පැකේජය | සැපයෙන සේවා | නිවේදන ලැබෙන වාර ගණන | මාසික ගාස්තුව (රු) |
---|---|---|---|
MyAstro | ජ්‍යොතිෂ සේවා සහ | දෛනිකව, කිසියම් සිදුවීමක් උද්ගත වන අවස්ථාවේම | 30.00 |
Suba | පංචාංග සේවාව | දෛනිකව | 20.00 |
Nume | අංක විද්‍යා සේවාව | සතියක පණිවුඩ 2 ක් | 20.00 |
විස්තරය | ප්‍රවේශ මාදිලිය | ගාස්තුව (රු.) |
---|---|---|
ලියාපදිංචිය හා සේවාව වෙත පිවිසීම | කෙටි පණිවුඩ මගින් | පණිවුඩයකට රු. 2.00 |
මූලික සැකසුම් හා සේවාව වෙත පිවිසීම | අන්තර්ක්‍රියාකාරී හඬ ප්‍රතිචාර සේවාව (IVR) මගින් | පණිවුඩයකට රු. 5.00 |
SLT සහ මොබිටෙල් පාරිභෝගිකයින් හට ජ්‍යොතිෂ අනාවැකි ලබා දෙන සේවාවකි.
MyAstro සේවාව දැනට රූපවාහිනී නාලිකා හා පුවත් පත් ආශ්‍රිතව භාවිත වන "තාරකා ශාස්ත්‍රය" පදනම් කරගත් සාම්ප්‍රදායික ජ්‍යොතිෂ කියවීම්වලට වඩා වෙනස් මගක් ගනියි.
MyAstro සේවාව යටතේ ජ්‍යොතිෂ අනාවැකි සකස් කෙරෙන්නේ සෑම ඒ ඒ පුද්ගලයාගේ උපන් දිනය, උපන් වේලාව හා උපන් ස්ථානය වැනි විස්තර වෙන වෙනම සැලකිල්ලට ගනිමිනි.
මෙහිදී ඔබ වෙත අනාවැකි ලබා දෙනු ලබන්නේ ශ්‍රී ලංකාවේ අතිගරු ජනාධිපතිතුමා වෙනුවෙන්ද ජ්‍යොතිෂ සේවා ලබා දෙන කීර්තිමත් ජ්‍යොතිර්වේදියෙකු වන දේශබන්ධු සුමනදාස අබේගුණවර්ධන මහතා විසිනි.
දැනට මෙම ජ්‍යොතිෂ සේවාව ලබා දෙන්නේ CDMA පෙරගෙවුම් හා පසුගෙවුම් පාරිභෝගිකයින් හට පමණක් කෙටි පණිවුඩ මගිනි. එහෙත් නුදුරු අනාගතයේදීම මෙගාලයින් (ස්ථාවර දුරකතන) පාරිභෝගිකයින් හටද අන්තර්ක්‍රියාකාරී හඬ ප්‍රතිචාර (IVR) සේවය හරහා මෙය ලබා ගත හැකි වනු ඇත.
මේ යටතේ ලබා ගත හැකි පැකේජ තුනක් ඇත. ඔබේ රුචිකත්වය පරිදි පහත සඳහන් ඕනෑම පැකේජයක් තෝරාගත හැක.
සේවාව ලබාගත හැකි පැකේජ:
පැකේජ වර්ගය | කෙටි පණිවුඩ නාමය |
---|---|
MyAstro | MyAstro |
Nume | Nume |
Suba | Suba |
කෙසේවෙතත්, අංක විද්‍යා සේවාව ලබා ගැනීමට නම් ඔබ මුලින්ම ජ්‍යොතිෂ සේවා හා විශේෂ නිවේදන පැකේජයෙහි ලියාපදිංචි වී සිටිය යුතු බව කරුණාවෙන් සලකන්න. මේ අනුව, Nume සේවාව ලබා ගැනීම සඳහා ඔබ මුලින්ම MyAstro සේවාවෙහි ලියාපදිංචි වී සිටිය යුතුය. මෙම රීතිය Suba සේවාව සඳහා අදාළ නොවේ.
පැකේජවල අන්තර්ගතයන්:
පැකේජය | පණිවුඩ ලැබෙන වාර ගණන | අන්තර්ගතය | පණිවුඩ ලැබෙන මාධ්‍යය |
---|---|---|---|
MyAstro | දෛනිකව, අදාළ අවස්ථාවේදීම | දිනය හෝ සතිය ඔබට බලපාන අයුරු | කෙටි පණිවුඩ හරහා |
Num | සතියකට පණිවුඩ දෙකක් | ඔබේ පෞරුෂත්වය විශ්ලේෂණය කර ඇත්තටම ඔබ කෙබඳු අයෙකුදැයි දැනගන්න. | කෙටි පණිවුඩ හරහා |
Suba | දෛනිකව | පෞරාණික වෛදික ජ්‍යොතීර්වේදයට අනුව ඉදිරියෙන් ඇති ඔබට වඩාත් ගැලපෙන වේලාවන් සොයා ගන්න. | කෙටි පණිවුඩ හරහා |
එබ ලියාපදිංචි වී සිටින පැකේජය කුමක් වුවත් සෑම දිනයකම උදෑසන මෙම ජ්‍යොතිෂ අනාවැකි ලබා ගත හැකිය.
ඉහත සේවාවන් ලබා ගැනීම සඳහා ඔබ සිටිලින්ක් (CDMA) පසුගෙවුම් හෝ පෙරගෙවුම් පාරිභෝගිකයෙකු විය යුතුය. එසේම, ඔබ පෙරගෙවුම් පාරිභෝගිකයෙකු නම්, ඔබගේ සිටිලින්ක් ගිණුම තුළ අදාළ සේවාව ලබා ගැනීම සඳහා ප්‍රමාණවත් තරම් මුදල් තිබිය යුතුය.
ඔබේ සිටිලින්ක් සබඳතාවය සක්‍රීය තත්ත්වයෙන් පැවතිය යුතු වේ.
ඔබේ සිටිලින්ක් පෙරගෙවුම් ගිණුමේ කාඩ් පත් ශේෂය, මෙම සේවාව ලබා ගැනීම වෙනුවෙන් වන මාසික ගාස්තුව අය කර ගැනීමට ප්‍රමාණවත් විය යුතුය.
පහත සඳහන් පියවර අනුගමනය කිරීමෙන් ඔබට මෙම සේවාව සඳහා ලියාපදිංචි විය හැක.
1 පියවර
මේ යටතේ සැලසෙන ඕනෑම පැකේජයක් සඳහා ලියාපදිංචි වීම සඳහා මුලින්ම ඔබ 1312 අංකය ඇමතිය යුතු වේ. අනතුරුව හඬ ප්‍රතිචාරය වෙත සවන් දී අදාළ උපදෙස් පිළිපදින්න.
ඉන් පසුව, ඔබේ නම සහ ඔබ විසින් තෝරා ගනු ලැබූ පැකේජය සඳහන් කරමින් 1312 වෙත කෙටි පණිවුඩයක් යවන්න.
පැකේජය/සේවාව | කෙටි පණිවුඩ ආකෘතිය | ආදර්ශ කෙටි පණිවුඩය |
MyAstro (ජ්‍යොතිෂ සේවාව) | MyAstro | MyAstro Ravi |
Nume (අංක විද්‍යා සේවාව) | Nume | Nume Ravi |
Suba(පංචාංග) | Suba | Suba Ravi |
2 පියවර
ඔබ මෙම සේවාව ලබා ගැනීම සඳහා සුදුසුකම් සපුරා ඇති පාරිභෝගිකයෙකු නම් ඔබේ ලියාපදිංචිය හා පුද්ගලික හඳුනාගැනීමේ අංකය අනුමත කරමින් ශ්‍රී ලංකා ටෙලිකොම් වෙතින් සනාථ කිරීමේ කෙටි පණිවුඩයක් ඔබ වෙත එවනු ඇත (මෙතැන් පටන් ඔබ අදාළ ජ්‍යොතිෂ පැකේජය සඳහා ලියාපදිංචි වූ පාරිභෝගිකයෙකු ලෙස සලකනු ලැබේ).
Reply SMS: “Dear <NAME>..! Thank you for initiating registration with
MyAstro service. Please dial 1312 to enter your details now. Your PIN is XXXX.”
Reply SMS: “Dear <NAME>..! Thank you for initiating registration with Numerology.
Reply SMS: “Dear <NAME>..! Thank you for initiating registration with Panchanga.
3 පියවර
1312 කෙටි කේතය ඇමතීමෙන් පසුව ස්වයංක්‍රීය හඬ ප්‍රතිචාර සේවාව මගින් ලබා දෙන උපදෙස් අනුගමනය කරමින් ඔබේ උපන් දිනය, උපන් වේලාව හා උපන් ස්ථානය යන පෞද්ගලික විස්තර ලබා දෙන්න. ඔබ සේවාව ලබා ගැනීමට කැමති භාෂා මාධ්‍යය (ඉංග්‍රීසි හෝ සිංහල) තෝරා ගැනීමටද විකල්පයක් මෙහි ඇත.
4 පියවර
ඔබ විසින් ලබා දෙන ලද විස්තර සහතික කර ගැනීම සඳහා ශ්‍රී ලංකා ටෙලිකොම් වෙතින් ඔබ වෙත ඇමතුමක් ලැබෙනු ඇත. එසේම, ඔබ විසින් ඇතුළත් කරන ලද විස්තර ඇතුළත් ස්තුති කිරීමේ කෙටි පණිවුඩයක්ද ඔබට ලැබෙනු ඇත.
Reply SMS : Dear <NAME> your profile is successfully created as birthdate xxxx,
Time xxxx, place xxxx. You will receive your daily Astro soon.
ඔව්. ඔබට "Singlish" හෝ ඉංග්‍රීසි භාෂාවෙන් ජ්‍යොතිෂ අනාවැකි ලබා ගැනීමේ හැකියාව තිබේ.
ඔව්. 1312 කෙටි අංකය ඇමතීමෙන් හෝ 1312 වෙත කෙටි පණිවුඩයක් යැවීමෙන් ඔබේ උපන් දිනය, උපන් වේලාව හා උපන් ස්ථානය වැනි තොරතුරු සංස්කරණය කරගත හැක. ඔබේ නම සංස්කරණය කර ගැනීමේ පහසුකමද ඉක්මනින්ම ඔබ වෙත ලැබෙනු ඇත.
ඔබේ උපන් දිනය, උපන් වේලාව, උපන් ස්ථානය වෙනස් කිරීම සඳහා 1312 අමතන්න.
Reply SMS : Dear <NAME> your profile is successfully modified as birthdate xxxx,
Time xxxx, and place xxxx. You will receive your Daily Astro soon.
ඔව්. එහෙත් ඔබට අංක විද්‍යා සේවාව ලබා ගැනීමට අවශ්‍ය නම් පළමුව ජ්‍යොතිෂ සේවා හා විශේෂ නිවේදන පැකේජයෙහි ලියාපදිංචි වීම අත්‍යවශ්‍ය වේ.
ඔව්. ඔබ මෙම සේවා සඳහා ලියාපදිංචි වන්නේ ඔබේ නමින් වන නිසාත්, ඔබටම අනන්‍ය පුද්ගලික හඳුනාගැනීමේ අංකයක් හිමි වන නිසාත් එසේ කළ හැකිය. ඔබේ නම සහිතව ජ්‍යොතිෂ අනාවැකි පණිවුඩයක් ඔබ වෙත ලැබෙනු ඇත. එවිට ඔබේම නමින් ඇති ජ්‍යොතිෂ අනාවැකි හඳුනාගත හැකිය.
කෙසේවෙතත්, පංචාංග සේවාවේදී ඒ සඳහා ලියාපදිංචි වී ඇති සෑම දෙනා වෙතම අනාවැකි යවනු ලැබේ. මෙනිසා, කිසියම් පාරිභෝගිකයෙකු තමන්ගේ දුරකතනයෙන් “Suba” සේවාව සඳහා ලියාපදිංචි වූ විය එම දුරකතනයට ප්‍රවේශ ඇති, MyAstro සේවාවෙහි ලියාපදිංචි වී සිටින ඕනෑම කෙනෙකුට අනාවැකි ලබා ගත හැක.
ඔබ පසුගෙවුම් පාරිභෝගිකයෙකු නම්, සමස්ථ සේවා ගාස්තු ප්‍රමාණය ඔබේ දුරකතන බිල්පතට එකතු කෙරේ. පෙරගෙවුම් පාරිභෝගිකයින්ගේ ගාස්තු අදාළ ගිණුමෙන් අඩු කෙරේ.
එසේම, ඔබ එකම නාමය නැවත වරක් භාවිත කළ හොත් මෙම සේවාව සඳහා ලියාපදිංචි වීමෙන් ප්‍රතික්ෂේප කෙරෙනු ඇත.
Reply SMS : The profile <NAME> already exists to re-activate type Rereg <space>myastro/Nume>space>name> To create a new profile type myastro<space>< new name> and send it to 1312.
එසේ කළ නොහැකිය. ඔබට මෙ සේවාවන් යටතේ ජ්‍යොතිෂ අනාවැකි ලබා ගත හැක්කේ ඒ සඳහා ලියාපදිංචි වන දුරකතනය හරහා පමණි.
කෙටි පණිවුඩය සඳහා | රු.2.00 |
1312 IVR සේවාව ලබා ගැනීමේ ගාස්තුව | විනාඩියකට රු. 5.00 |
පැකේජ වර්ගය | *මාසික ගාස්තුවකි |
MyAstro (Astrology service) | රු.30.00 |
Nume (Numerology) | රු.20.00 |
Suba(Panchanga) | රු.20.00 |
*පුද්ගලික හඳුනාගැනීමේ අංකය සමගින් සනාථ කිරීමේ කෙටි පණිවුඩයක් ඔබ වෙත ලැබෙන සෑම අවස්ථාවකම අදාළ මාසික ගාස්තුව එකතු වේ.
ඔව්. ජ්‍යොතිෂ සේවාවෙහි ඔබ ලියාපදිංචි වීමෙන් අනතුරුව ඔබ වෙත පුද්ගලික හඳුනාගැනීමේ අංකය ලැබුණු පසුව ගාස්තු අය වීම ඇරඹේ.
මේ නිසා, ඔබ සිටිලින්ක් පසුගෙවුම් පාරිභෝගිකයෙකු නම්, පුද්ගලික හඳුනාගැනීමේ අංකය නිකුත් කිරීමෙන් පසුව ඔබ විසින් තෝරා ගන්නා ලද පැකේජයේ ගාස්තු ඔබේ මාසික බිල් පතට එකතු කෙරෙන අතර ඔබ පෙරගෙවුම් පාරිභෝගිකයෙකු නම් අදාළ ගාස්තුව ඔබගේ ගිණුම් ශේෂයෙන් අඩු කර ගනු ලැබේ.
නැත.
නැත. එබ වරක් ලියාපදිංචි වී පුද්ගලික හඳුනාගැනීමේ අංකයක් ලබා ගැනීමෙන් අනතුරුව, තෝරා ගන්නා ලද පැකේජයට අදාළ ජ්‍යොතිෂ අනාවැකි කෙටි පණිවුඩ මාර්ගයෙන් ලබා ගත හැක.
(අ)ඔබේ (පාරිභෝගිකයාගේ) ඉල්ලීම මත පමණක් මෙම සේවාව නතර කළ හැක.
ඔබට මෙම සේවාව නතර කිරීමට අවශ්‍ය නම්, ඔබ විසින් තෝරා ගන්නා ලද පැකේජ නාමය ඇතුළත් කෙටි පණිවුඩයක් 1312 වෙත එවීමෙන් ඒ සඳහා ඉල්ලීමක් කරන්න.
නැවත ලියාපදිංචි වීම
පැකේජය | කෙටි පණිවුඩ ආකෘතිය | ආදර්ශ කෙටි පණිවුඩය |
MyAstro (ජ්‍යොතිෂ සේවාව) | Dreg<space>MyAstro<space>Name | Dreg MyAstro Ravi |
Nume (අංක විද්‍යාව) | Dreg<space>Nume<space>Name | Dreg Nume Ravi |
Suba(පංචාංග) | Dreg<space>Suba | Dreg Ravi |
Dear <Name>..! Thank you for using Daily Astro /Numerology / service. If you wish to re-register type Rereg<space>MyAstro<space>>name> and send to 1312.
Dear <Name>..! Thank you for using Panchanga service. If you wish to re-register type Suba and send to 1312.
(ආ)ඔබේ සිටිලින්ක් දුරකතන සබඳතාවය සක්‍රීය තත්ත්වයෙන් පවතින තාක් කල් මෙම සේවය ලබා ගත හැක.
(ඇ)ඔබගේ සිටිලින්ක් සබඳතාවය (CDMA දුරකතනය) පහ සඳහන් තත්ත්වයන්හි පවතින විට ශ්‍රී ලංකා ටෙලිකොම් විසින් ඔබගේ ජ්‍යොතිෂ සේවාව නතර කර දමනු ඇත.
එසේ කළ නොහැක. බිල්පත් සැකසෙන එක් මාසයකදී මෙම සේවාව විසන්ධි කිරීමට හෝ නැවත සම්බන්ධ කිරීමට හෝ හැක්කේ එක් වතාවක් පමණි.
පහත සදහන් කොන්දේසිවලට යටත්ව ඔබට දින 30ක් ඇතුළත පමණක් මෙම සේවාවෙහි නැවත ලියාපදිංචි විය හැක.
ඔබගේ සබඳතාවය පවතින්නේ ලැබෙන හා පිටතට යන ඇමතුම් අවහිර කර ඇති තත්ත්වයේ නම් හා දින 30ක් ඇතුළත ඔබ ඔබේ ගිණුම සක්‍රීය කර ගන්නේ නම්, ඔබ ලබා ගත් සේවා පැකේජය ඉබේම අලුත් කෙරෙනු ඇත. එවිට ඔබට කලින් භාවිත කළ පුද්ගලික හඳුනාගැනීමේ අංකය නැවතත් භාවිත කළ හැක.
කෙසේවෙතත්, ඔබේ ඉල්ලීම මත සේවා ලියාපදිංචිය අහෝසි කර ඇති අවස්ථාවක දින 30ත් ඇතුළත් ඔබට එය නැවත සක්‍රීය කර ගැනීමට අව්‍ය නම් 1312 අංකය වෙත කෙටි පණිවුඩයක් යවා පහත පියවර අනුගමනය කරමින් ඔබ එය සිදු කර ගත යුතු වේ. එවිට ඔබට කලින් භාවිත කළ පුද්ගලික හඳුනාගැනීමේ අංකය භාවිත කළ හැක. කෙසේවෙතත්, බිල්පත් සැකසෙන එක් මාසයකදී එක් වරක් පමණක් මෙය සිදු කළ හැක.
නැවත ලියාපදිංචි කිරීම
පැකේජය | කෙටි පණිවුඩ ආකෘතිය | ආදර්ශ කෙටි පණිවුඩය |
ජ්‍යොතිෂ සේවාව | Rereg<space>MyAstro<space>Name | Rereg Myastro Ravi |
අංක විද්‍යා සේවාව | Rereg <space>Nume<space>Name | Rereg Nume Ravi |
ඔබේ සේවය අත්හිටුවා දින 30ක් හෝ වැඩි ගණනක් ගත වී ඇත්නම් නව පුද්ගලික හඳුනාගැනීමේ අංකයක් ලබා ගැනීම සඳහා ඔබ නව පරිශීලකයෙකු ලෙස ලියාපදිංචි විය යුතුය.
ඔබට පැරණි අංකයම ලබා ගත නොහැක. ඒ වෙනුවට අලුත් පුද්ගලික හඳුනාගැනීමේ අංකයක් ලබා ගත හැක.
මේ සඳහා PIN
Reply: Dear < name > Your PIN has been reset. New PIN is xxxx
ඔබ පසුගෙවුම් ගාරිභෝගිකයෙකු වුවද, පෙරගෙවුම් පාරිභෝගිකයෙකු වුවද, තෝරා ගන්නා ලද පැකේජය/පැකේජවලට අදාළ මාසික ගාස්තුව ඔබෙන් අය වේ.