මෙම සේවාව ලබා ගත හැකි වනුයේ
සිටිලින්ක් - ගීත නාද (Melodies) සේවාව
ඔබ වඩාත්ම ප්‍රිය කරන ගීතය Ring Back Tone ( RBT) එකක් ලෙස දුරකතනයට ඇතුළත් කිරීම සඳහා 1221 අමතන්න. නැතහොත් Citylink Melody Portal වෙත පිවිසෙන්න. දැන් ඔබේ කැමැත්ත පරිදි භාෂා තුනෙන්ම ගීත විශාල ප්‍රමාණයක් භාගත කිරීමේ පහසුව ඇත.
IVR ද්වාරය –1221 අමතන්න

ගාස්තු
පසුගෙවුම් සබඳතා සඳහා
මාසික ගාස්තුව
රු.40.00සම්මත SLT-SLT ඇමතුම් ගාස්තුව
පෙරගෙවුම් සබඳතා සඳහා
මාසික ගාස්තුව
රු.30.00සම්මත SLT-SLT ඇමතුම් ගාස්තුව
- සටහන්
- "භාගත කරන ලද ගීත හෝ පාඨ" වලංගු කාලය භාගත කළ දින සිට මාසයක කාලයකි.
- පෙරගෙවුම් සබඳතා සඳහා මාසික ගාස්තුව අදාළ ගිණුමෙන් අඩුකර ගන්නා අතර පසුගෙවුම් සබඳතා හිමියන්ගේ මාසික ගාස්තුව ඔවුන්ගේ මාසික බිල් පතට එකතු කරනු ලැබේ.
ලියාපදිංචි වන්නේ කෙසේද?
- දැනටමත් සිටිලින්ක් සබඳතාවයක් භාවිත කරන පාරිභෝගිකයින්
- ඔබේ CDMA දුරකතනයෙන් 1212 අමතා අදාළ උපදෙස් පිළිපදින්න. නැතහොත් ළඟම ඇති ප්‍රාදේශීය විදුලිසංදේශන කාර්යාලය හෝ ටෙලිෂොප් මධ්‍යස්ථානය වෙත යන්න.
- නව සිටිලින්ක් පාරිභෝගිකයින්
- නව සිටිලින්ක් සබඳතා සඳහා විශේෂ සිටිලින්ක් ගීත නාද දීමනාවක් ලැබේ.
- පළමු මාසය සඳහා මාසික ගාස්තු අයකිරීමකින් තොරව සිටිලින්ක් ගීත නාද පහසුකම ලබා ගත හැකිය.
- එක් ගීත නාදයක් නොමිලේ.
- අදාළ මාසය සඳහා වෙන් කර ඇති ගීත නාද 20 අතරින් එබ කැමති ගීත නාදයක් තෝරා ගත හැක.
- සිටිලින්ක් ගීත නාද සඳහා වන මාසික ගාස්තුව හා ඔබ භාගත කරන ගීත සඳහා වන ගාස්තු දෙවන මස සිට අදාළ වනු ඇත.
- යම් පාරිභෝගිකයෙකු පළමු මාසය ඇතුළත අමතර ගීත නාද ප්‍රමාණයක් භාගත කරන්නේ නම් (ආරම්භයේදී නොමිලේ ලබා දෙනු ලැබෙන ගීත නාදයට අමතරව) සම්මත භාගත කිරීම් ගාස්තු අදාළ වනු ඇත.
- ගීත නාද භාගත කිරීම
- ස්වයංක්‍රීය හඬ ප්‍රතිචාර සේවය (IVR) හරහා භාගත කිරීම - - 1221 අමතා මෙනුවේ ඉදිරියට යන්න.
- වෙබ් අඩවියට පිවිසී භාගත කරන්න.

- වගන්ති හා කොන්දේසි
- ඉහත ගාස්තුවලට බදු ඇතුළත් නොවේ. සේවා මිලදී ගන්නා අවස්ථාවේදී අදාල බදු එකතු කෙරේ.