Site Map

පෞද්ගලික

පෞද්ගලික

all you want

Download Broadband CPE configuration guides

ADSL Router configuration guide ( videos)

ADSL පාරිභෝගික පරිශ්‍ර උපකරණ සඳහා ෆර්ම්වෙයාර් වැඩිදියුණු කිරීම

  • Prolink H5004NK රවුටරය සඳහා ෆර්ම්වෙයාර් වැඩිදියුණු කිරීම භාගත කිරීම

බ්‍රෝඩ්බෑන්ඩ් (ADSL) යනු කුමක්ද?

බ්‍රෝඩ්බෑන්ඩ් යනු අන්තර්ජාලය හා සම්බන්ධ විය හැකි ක්‍රමවේදයකි. ඇත්තෙන්ම, සාමාන්‍යයෙන් ඉංග්‍රීසියෙන් narrowband ලෙස හැඳින්වෙන පැරණි ක්‍රම හා සසඳා බලන විට, මෙහිදී ලැබෙන ලැබෙන අධිවේගී අන්තර්ජාල වේගය නිසාම මෙය broadband ලෙස හැඳින්වේ.

ADSL යනු, දැනටමත් භාවිතයේ පවතින තළ රැහැන් සහිත දුරකතන ජාල ප්‍රයෝජනයට ගන්නා බ්‍රෝඩ්බෑන්ඩ් තාක්ෂණයකි. සාම්ප්‍රදායික 56k මොඩමයකට වඩා අධික වේගයක් (පෙරට වඩා 10 සිට 140 ගුණයක වේගයෙන්) ලබා දෙනු පිණිස මෙම තාක්ෂණයේදී පවතින දුරකතන මාර්ග ආශ්‍රිතව ඉතා පුළුල් සංඛ්‍යාත පරාසයක් භාවිතයට ගැනේ. එපමණක්ද නොව, ඔබ අන්තර්ජාලයේ සැරිසරමින් සිටින අතර දුරකතනය භාවිත කිරීමටද හැකියාව ඇත.

එස් එල් ටී බ්‍රෝඩ්බෑන්ඩ් මගින් දරා ගත හැකි මුදලකට නොනවතින අධිවේගී අන්තර්ජාල සේවා සැපයේ.

බ්‍රෝඩ්බෑන්ඩ් වේගය කෙරෙහි බලපාන සාධක මොනවාද?

පහත සඳහන් සාධක මත, තාක්ෂණික හේතු නිසා ඔබ අත්විඳින සත්‍ය අන්තර්ජාල වේගය වෙනස් විය හැක.:

  • ඔබේ සේවාව මත ක්‍රියාත්මකව පවතින 'Line Profile' එක. සාමාන්‍යයෙන්, හැකි උපරිම ස්ථාවර වේගයක් ලබා දීම සඳහා බ්‍රෝඩ්බෑන්ඩ් සේවාවන් ඒවාට අදාළ උපරිම භාගත කිරීම් වේග සීමා කරන ආරම්භක පැකේජයකට අනුගත කරයි. ඉන් අනතුරුව, ශ්‍රී ලංකා ටෙලිකොම් මෙහෙයුම් හා නඩත්තු කණ්ඩායම විසින් පාරිභෝගිකයින් ලබා දෙන ප්‍රතිචාර මත පිහිටා උපරිම වේගය වෙනස් කරනු ලැබේ.
  • ටෙලිකොම් දුරකතන හුවමාරු මධ්‍යස්ථානයේ සිට ඔබ සිටින පරිශ්‍රය දක්වා දිවෙන තඹ රැහැනේ දිග.
  • එකම සංදාම ආවරණය ඇතුළත වෙනත් පාරිභෝගිකයින් විසින් භාවිත කරනු ලැබෙන අනෙකුත් ඩිජිටල් සේවාවල ස්වභාවය හා සංඛ්‍යාව.
  • ඔබේ පරිශ්‍රයේ සිට දුරකතන හුවමාරු මධ්‍යස්ථානය දක්වා දිවෙන දුරකතන මාර්ගයේ ගුණාත්මකභාවය.
  • බාහිර විද්‍යුත් ප්‍රභවයන් නිසා සිදු වන විද්‍යුත් බාධාවන්
  • ඔබේ පරිශ්‍රය තුළ තඹ රැහැන් පිහිටුවා කර ඇති ආකාරය
  • මෘදුකාංග වින්‍යාසගත කර ඇති ආකාරය හා ඔබේ පරිගණකයේ පිහිටුවා ඇති පරිගණක යෙදුම්.
  • ඔබේ ADSL මොඩමයේ හෝ රවුටරයේ ශක්‍යතා.
  • ඔබ ප්‍රවේශ වීමට උත්සාහ කරන ගමනාන්ත පරිගණකයෙහි ධාරිතාවය සහ දත්ත සම්ප්‍රේෂණ වේගය.

    මේ නිසා, තාක්ෂණික හා න්‍යායික කරුණු මත ඉහත සඳහන් හේතු නිසා ඔබේ බ්‍රෝඩ්බෑන්ඩ් වේගය අඩු වීමට ඉඩ ඇත.

    ප්‍රචාරණය කරන ලද bandwidth එක වටහා ගැනීමේදී පහත සඳහන් පරාමිතික ඔබට වැදගත් වනු ඇත

    • Bandwidth

      Bandwidth යන්නෙන් අදහස් වන්නේ බ්‍රෝඩ්බෑන්ඩ් සබඳතාවයක් මගින් සම්ප්‍රේෂණය වන උපරිම දත්ත ප්‍රමාණය තීරණය කරන ධාරිතාවයයි.

    • උපරිම හා අවම Bandwidth පරාමිතික

      ඇතැම් විට විවිධ තාක්ෂණික හේතූන් මත ග්‍රාහකයින් හට ප්‍රචාරණ දැන්වීම්වල සඳහා උපරිම Bandwidth වේගයම නොලැබෙන්නට ඉඩ ඇත. එවැනි අවස්ථාවලදී තාක්ෂණික ඇගයීම් පරීක්ෂණයක් සිදු කිරීමෙන් අනතුරුව ඔවුන් හට හැකි උපරිම Bandwidth වේගයක් ලබා දීමට හැකි වීමට ඉඩ තිබේ. කෙසේවෙතත්, ඉහළ Bandwidth පරාසය, "අවම Bandwidth පරාසය" නමින් හැඳින්වෙන අවසර දිය හැකි අවම පරාසය ඉක්මවන්නේ නම්, එම පැකේජය පාරිභෝගිකයින් හට ලබා දිය නොහැක. ඒ වෙනුවට අදාළ පාරිභෝගිකයාගේ දුරකතන මාර්ගයේහි තත්ත්වයට ගැලපෙන වෙනත් පැකේජයක් සපයනු ලැබේ.

රවුටරය/මොඩමය හා දුරකතනය සම්බන්ධ කිරීම

රවුටරය මූලික කොටස්

සෝදිසි ලැයිස්තුව

  • ඔබේ එස් එල් ටී බ්‍රෝඩ්බෑන්ඩ් සබඳතාවය ස්ථාපනය කිරීම ඇරඹීමට කලින් ශ්‍රී ලංකා ටෙලිකොම් සමාගම ඔබ අමතා ඔබේ ගිණුම සාර්ථක ලෙස සකස් වී ඇති බව සහතික කළ බව සනාථ කරගන්න. ඉන් අනතුරුව අවශ්‍ය සියලුම උපාංග ඔබ අත තිබේදැයි සහතික කරගන්න.
  • ADSL2+ මොඩමයක්/රවුටරයක් සැපයෙන අවස්ථාවේදී බොහෝ උපකරණ ඔබ වෙත ලබා දෙනු ලැබේ.
    • ADSL2+ මොඩමය/රවුටරය
    • විදුලි බල සැපයුම් ඇඩැප්ටරය (රවුටර සඳහා)
    • USB කේබලය (මොඩම් සඳහා) / ඊතර්නෙට් කේඉලය (රවුටර සඳහා)
    • Installation CD (මොඩම් සඳහා)
    • POTS Splitter
    • Micro-Filters (සමාන්තර දුරකතන/ෆැක්ස් යන්ත්‍ර සියල්ලම සඳහා)
    • ප්‍රමාණවත් දිගකින් යුත් twin-pair දුරකතන කේබල් (RJ-11 connectors සමග)
    • එස් එල් ටී බ්‍රෝඩ්බෑන්ඩ් පරිශීලක නාමය හා මුරපදය (ලියාපදිංචියේදී ඔබට ලැබෙන ඇසුරුම තුළ මෙය ඇතුළත් වේ).
  • ඔබ මොඩමයක් භාවිත කරන්නේ නම්, පළමුව එය ඔබගේ පරිගණකයෙහි ස්ථාපනය කළ යුතු වේ. ඔබ භාවිත කරන්නේ රවුටරයක් නම්, මෙම පියවර නොසලකා හැරිය හැක.
    • ඔබේ ADSL2+ මොඩමය ස්ථාපනය කරන්න.
      මොඩමයෙහි නිෂ්පාදකයින් විසින් නිකුත් කරන ලද උපදෙස් අත්පොත කියවා බලා මොඩමය ඔබේ පරිගණකයෙහි නිසි පරිදි ස්ථාපනය කරන්න.
      ඇතැම් මොඩම් වර්ග සම්බන්ධ කිරීමට පෙර ඊට අදාළ මොඩම් ධාවක (driver) ස්ථාපනය කළ යුතු වේ. මේ නිසා, මුල් වරට මොඩමය පරිගණකයට සම්බන්ධ කිරීමට කලින් අදාළ ධාවක ස්ථාපනය කර තිබේදැයි සහතික කරගන්න.
      මොඩමය නිසි පරිදි ස්ථාපනය කිරීමෙන් අනතුරුව පරිගණකයේ ඇරඹුම් තිරය මත ඇති කෙටි මගක් හෝ Programs මෙනුව හෝ භාවිත කරමින් ඔබට මොඩමයට අදාළ මෘදුකාංගය විවෘත කරගත හැකි විය යුතුය.
    • ඔබේ ADSL2+ මොඩමය භෞතික වශයෙන් ස්ථාපනය කිරීම
      1. දුරකතන කේබලය රොසට්ටුවෙන් හෝ බිත්තිය මත ඇති සොකට්ටුවෙන් ගලවා දමන්න.
      2. දුරකතන කේබලයක් භාවිත කරමින් ස්ප්ලිටරයෙහි LINE කවුළුව රොසට්ටුව/බිත්තිය මත ඇති සොකට්ටුව වෙත සම්බන්ධ කරන්න (ඇතැම් ස්ප්ලිටර් වර්ගවලටම කේබලය සවි කර තිබේ).
      3. ස්ප්ලිටරයෙහි PHONE/TEL කවුළුව දුරකතනය/ෆැක්ස් යන්ත්‍රය වෙත සම්බන්ධ කරන්න. දුරකතන මාර්ගය නිසි පරිදි ක්‍රියාත්මකද යන්න පරීක්ෂා කරන්න.
      4. ස්ප්ලිටරයෙහි ADSL/MODEM/DSL කවුළුව ප්‍රමාණවත් දිගකින් යුත් දුරකතන කේබලයක් භාවිත කරමින් මොඩමයේ/රවුටරයේ LINE කවුළුව සමග සම්බන්ධ කරන්න.
      5. රොසට්ටුටුව/බිත්ති සොකට්ටුව ඉදිරියෙන් කිසිදු සමාන්තර දුරකතන/ෆැක්ස් මාර්ගයක් නොතබන ලෙස නිර්දේශ කෙරේ. කෙසේවෙතත්, නොවැළැක්විය හැකි හේතුවක් මත එසේ කිරීමට සිදු වේ නම් සෑම සමාන්තර දුරකතන මාර්ගයක්ම මයික්‍රෝ ෆිල්ටරයක් භාවිත කරමින් සවි කර ඇති බව සහතික කරගන්න.
        [වැදගත් - මෙලෙස උපකරණ සවි කිරීම වලංගු වන්නේ ඔබ පියෝ ටීවී සේවාව භාවිත නොකරන්නේ නම් පමණි. ඔබ පියෝ ටීවී ග්‍රාහකයෙකු නම්, කරුණාකර ස්ථාපනය සඳහා පියෝ ටීවී පරිශීලක මාර්ගෝපදේශකය අනුගමනය කරන්න].
        ඔබ අවුටරයක් භාවිත කරන්නේ නම් 10 පියවර වෙත යන්න.
      6. USB දත්ත කේබලය මොඩමයේ USB කවුළුව වෙත සම්බන්ධ කරන්න. ඔබ විසින් මොඩම් ධාවක පරිගණකයෙහි ස්ථාපනය කර ඇත්දැයි සහතික කරන්න.
      7. ඔබගේ පරිගණකය ක්‍රියාත්මක කර USB කේබලයෙහි අනෙක් පස අන්තය නිදහස් USB කවුළුවක් වෙත සම්බන්ධ කරන්න. දැන් ඔබේ මොඩමයෙහි බල සැපයුම් LED බල්බය දැල්විය යුතුය (එවැන්නක් තිබේ නම්). දුහුවිලි නොගැටෙන, මනා වාතාශ්‍රයක් සහිත ස්ථානයක මොඩමය තිබිය හැකි බව සහතික කරගන්න.
      8. ශ්‍රී ලංකා ටෙලිකොම් සමාගම විසින් ඔබගේ බ්‍රෝඩ්බෑන්ඩ් ගිණුම සාර්ථක ලෙස සකස් කර ඇත්නම්සහ ඔබ විසින් නිසි ආකාරව අදාළ උපකරණ ස්ථාපනය කර ඇත්නම් ADSL දර්ශක බල්බය නිවී දැල්වෙමින් තිබෙන අතර මිනිතුවක් හෝ දෙකක් ඇතුළත එය ස්ථාවරව දැල්වී තිබෙයි.
      9. ADSL බල්බය දැල්වෙන්නේ නැත්නම් හෝ එය නොකඩවාම නිවී දැල්වෙමින්ම පවතී නම් ඉහත 1 සිට 8 දක්වා පියවර නැවතත් අනුගමනය කරන්න. ඉන් පසුවද එය ස්ථාවරව දැල්වෙන්නේ නැත්නම් කරුණාකර අපගේ උපකාර අංකය වන 1212 අමතන්න.

        රවුටරය ස්ථාපනය කිරීම

      10. බාහිර විදුලි බල සැපයුම රවුටරයට සම්බන්ධ කර එය ක්‍රියාත්මක කරන්න. සෑම දර්ශක බල්බයක්ම (indicator lights) එකවර දැල්වී විදුලි බල දර්ශක බල්බය (power indicator) දිගටම දැල්වෙන්නට පටන් ගනී.
      11. ඔබේ පරිගණකය ක්‍රියාත්මක කර එහි ඊතර්නෙට් කේබලයක් භාවිත කරමින් එහි ඊතර්නෙට් කවුළුව රවුටරයේ LAN port no. 1 සමග සම්බන්ධ කරන්න. මෙහිදී රවුටරයේ කවුළු අංක 1ට අදාළ දර්ශක බල්බය නිවෙමින් දැල්වෙමින් පැවතිය යුතුය. දුහුවිලි නොගැටෙන, මනා වාතාශ්‍රයක් සහිත ස්ථානයක මොඩමය තිබිය හැකි බව සහතික කරගන්න.
      12. ශ්‍රී ලංකා ටෙලිකොම් සමාගම විසින් ඔබගේ බ්‍රෝඩ්බෑන්ඩ් ගිණුම සාර්ථක ලෙස සකස් කර ඇත්නම් සහ ඔබ විසින් නිසි ආකාරව අදාළ උපකරණ ස්ථාපනය කර ඇත්නම් ADSL බල්බය නිවී දැල්වෙමින් තිබෙන අතර මිනිතුවක් හෝ දෙකක් ඇතුළත එය ස්ථාවරව දැල්වී තිබෙයි.
      13. ADSL බල්බය දැල්වෙන්නේ නැත්නම් හෝ එය නොකඩවාම නිවී දැල්වෙමින්ම පවතී නම් ඉහත 1 සිට 8 දක්වා පියවර නැවතත් අනුගමනය කරන්න. ඉන් පසුවද එය ස්ථාවරව දැල්වෙන්නේ නැත්නම් කරුණාකර අපගේ උපකාර අංකය වන 1212 අමතන්න.
        ඔබ රවුටරයක් භාවිත කරන්නේ නම් ඉහත 16 පියවර වෙත යන්න.
      14. ඔබේ පරිගණකයෙහි ස්ථාපනය කර ඇති මොඩම මෘදුකාංගය විවෘත කරගෙන සැකසුම් අතුරු මුහුණත (configuration interface.) වෙත යොමු වන්න
      15. ඔබේ පරිශීලක නාමය ලබා දෙන්න.
      • ඔබේ ADSL2+ රවුටරය වින්‍යාසගත කිරීම අරඹන්න.
      1. 16. රවුටරය වින්‍යාසගත කිරීම සඳහා අවශ්‍ය login පිටුව ලබා ගැනීමට ඔබේ වෙබ් බ්‍රවුසරයෙහි http://192.168.1.1 යන ලිපිනය ඇතුළත් කරන්න

        17. රවුටරයෙහි login පිටුවට ඇතුළු වීම සඳහා අවශ්‍ය පරිශීලක නාමය හා මුරපදය ලබා ගැනීමට රවුටරය සමග ලැබෙන පරිශීලක මාර්ගෝපදේශකය කියවන්න (උදා:- පරිශීලක නාමය: Admin, පරිශීලක නාමය: Admin. මේ සඳහා භාවිත කළ යුත්තේ ඔබේ එස් එල් ටී බ්‍රෝඩ්බෑන්ඩ් පරිශීලක නාමය හා මුරපදය නොවේ).

        18. රවුටරයේ සැකසුම් පිටුවල (setting pages) අදාළ තැන්වල පහත සඳහන් විස්තර ඇතුළත් කරන්න.

        පරාමිතිකය

        අගය

        Routing Type

        PPPoE

        Virtual Path Identifier(VPI)

        8

        Virtual Circuit Identifier(VCI)

        35

        Multiplexing Method

        LLC/SNAP

        Authentication Protocol

        PAP


        19. අදාළ ස්ථානයෙහි ශ්‍රී ලංකා ටෙලිකොම් සමාගම විසින් ඔබ වෙත ලබා දෙන ලද පරිශීලක නාමය හා මුරපදය ඇතුළත් කරන්න. (උදා:- username = kgXXXXXXX@sltbb).

        20. සියලුම සැකසුම් සුරැකුම් කර ඔබේ සබඳතාවය සම්පූර්ණ කෙරෙන තුරු රැඳී සිටින්න (දැන් ADSL බල්බය දැල්වෙන අතර internet බල්බය නිවෙමින් දැල්වෙන්නට පටන් ගනී).

        21. ADSL සබඳතාවය ස්ථාපිත වීමෙන් පසුව අදාළ පිටුවෙහි summary හෝ යටතේ ඔබේ සබඳතාවෙහි තත්ත්වය පරීක්ෂා කර බැලීම වැදගත්ය.

        22. ඉහත සෑම සැකසුමක්ම සාර්ථක ලෙස නිම කිරීමෙන් අනතුරුව ඔබේ පරිගණකය අන්තර්ජාල ප්‍රවේශය සදහා සූදානම් තත්ත්වයට පත් වනු ඇත. කිසියම් වෙබ් ලිපිනයක් ඇතුළත් කර (උදා:- www.slt.lk) ඔබේ පරිගණකයෙන් අන්තර්ජාලය වෙත පිවිසිය හැකිද යන්න පරීක්ෂා කරන්න. එසේ නොවේ නම්, පහත පියවර මගින් ලබා දී ඇති උපදෙස් අනුව ඔබේ බ්‍රවුසර සැකසුම් පරීක්ෂා කර බලන්න.
      • බ්‍රවුසර සැකසුම් පරීක්ෂා කිරීම
      23. කිසියම් වෙබ් පිටුවක් load නොවේ නම්, refresh බොත්තම ඔබන්න. අනතුරුව පහත පියවර අනුගමනය කරන්න.

      • බ්‍රවුසරයේ cache පරීක්ෂා කරන්න.
      (Internet Explorer හිදී මෙය සිදු කිරීම සඳහා Tools ->Internet Options ->General වෙත යන්න).

      • බ්‍රවුසරය පවතින්නේ ‘work offline’ මාදිලියේද යන්න පරීක්ෂා කරන්න.
      (Internet Explorer හිදී මෙය සිදු කිරීම සඳහා File -> Work Offline යන්න සලකුණු වී තිබේ දැයි පරීක්ෂා කරන්න. එසේ නම් එය ඉදිරියෙන් ඇති හරි ලකුණ ඉවත් කරන්න).

      • බ්‍රවුසර සැකසුම් නිවැරදි ලෙස සකසා තිබේ දැයි පරීක්ෂා කරන්න.
      (Internet Explorer හිදී මෙය සිදු කිරීම සඳහා Tools ->Internet Options ->Connections වෙත ගොස් විකල්පය No Proxy තෝරන්න).
      • මගේ එස් එල් ටී බ්‍රෝඩ්බෑන්ඩ් සබඳතාවය නිසි පරිදි ක්‍රියාත්මක නොවේ නම්, මා විසින් සිදු කළ යුත්තේ කුමක්ද?
      24. වින්ඩෝස් මෙහෙයුම් පද්ධතියක් භාවිත කරන්නේ නම්, ඔබ වෙත IP ලිපියනක් ලැබී ඇත්දැයි දැන ගැනීම සඳහා Command prompt විවෘත කරගෙන ipconfig/all යන්න ඇතුළත් කර enter යතුර ඔබන්න

      25. command prompt හි “nslookup www.slt.lk” යන්න ඇතුළත් කිරීම මගින් ඔබේ පරිගණකයට වෙබ් අඩවි නාම හඳුනාගත හැකිද යනන් (DNS සක්‍රීයව පවතීද යන්න) පරීක්ෂා කරන්න.

      26. ඔබ IP ලිපිනයක් ලබා ගෙන ඇත්නම්, command prompt තුළ www.slt.lk යන්න ඇතුළත් කිරීමෙන් ඔබේ අන්තර්ජාල සබඳතාවය නිසි පරිදි ක්‍රියාත්මකද යන්න පරීක්ෂා කරන්න. ඊට ප්‍රතිචාරයක් ලැබේ නම් ඔබේ අන්තර්ජාල සබඳතාවය නිසි පරිදි ක්‍රියාත්මක වෙමින් පවතින අතර මෙය ඔබේ බ්‍රවුසර සැකසුම් නිසා මතු වූ ගැටළුවක් විය හැක.

      27. IP ලිපිනය හෝ DNS සම්බන්ධයෙන් ඔබට කිසියම් ගැටළුවක් ඇත්නම්, කරුණාකර දුරකතන මාර්ගයේ සිට රවුටරය දක්වා ඇති සම්බන්ධතාවයෙහි භෞතික තත්ත්වය පරීක්ෂා කර බලන්න. නැතහොත්, 1212 අංකය අමතා ඔබේ දෝෂය දැනුම් දෙන්න.

      28. එසේ කළ පසුවත් දෝෂය තිබේ නම්,

      • සම්බන්ධතාවයෙහි භෞතික තත්ත්වය පරීක්ෂා කරන්න.
      • නැවත වරක් ADSL මොඩම/රවුටර සැකසුම් පරීක්ෂා කර බලන්න.
      • ඔබ විසින් පරිශීලක නාමය හා මුරපදය නිවැරදිව ඇතුළත් කර තිබේදැයි පරීක්ෂා කර නැවත වරක් උත්සාහ කර බලන්න (පරිශීලක නාමය වැරදි ලෙස ඇතුළත් කර තිබේ නම්, අලුතින් ඇතුළත් කරන ලද මුදරපදය වලංගු කිරීම සඳහා රවුටරයට මින්ත්තු 5 ක් පමණ ගත විය හැක. රවුටරය යථා තත්ත්වයට පත් වන තුරු රැඳී සිටින්න).

      29. මෙලෙස කිහිප වරක් නැවත උත්සාහ කර බැලීමෙන් පසුවත් ගැටළුව නොවිසඳී ඇත්නම් 1212 අමතා දෝෂය වාර්තා කරන්න.

 

මගේ එස් එල් ටී බ්‍රෝඩ්බෑන්ඩ් සබඳතාවය මන්දගාමී වේ නම් සිදු කළ යුත්තේ කුමක්ද?

පළමුව ඔබේ පැකේජය වේගය පිරික්සීමෙන් අනතුරුව ඔබ විසින් මේ වන විටත් භාවිත කිරීමට අවසර ඇති ධාරිතාවය ඉක්මවා ඇත් දැයි පරීක්ෂා කරන්න. එසේ වී ඇත්නම් අදාළ වේගය නැවත ලබා ගැනීමට ඔබට ඊළඟ මාසය දක්වා සිටීමට සිදු වෙයි. එසේ නැතහොත් 1212 අමතා ඔබේ ධාරිතා සීමාව තවත් ගිගාබයිට් 1 කින් ඉහළ දමන ලෙස ඉල්ලා සිටිය හැක.

මගේ එස් එල් ටී බ්‍රෝඩ්බෑන්ඩ් සබඳතාවය දිගින් දිගටම විසන්ධි වෙයි නම් සිදු කළ යුත්තේ කුමක්ද?

ඔබේ PSTN මාර්ගයෙන් කිසිදු ඝෝෂාවක් හෝ අවහිරතාවයක් ඇසේදැයි පරීක්ෂා කර ලබන්න. එසේ වේ නම්,

  • ඔබ සමාන්තර දුරකතන මාර්ග භාවිතා කරන්නේ නම් තාවකාලිකව ඒවා ඉවත් කිරීමට සිදු වේ.
  • ස්ප්ලිටරය භාවිත නොකරමින් ඔබේ දුරකතන ඍජුවම රවුටරය හා සම්බන්ධ කරන්න. දුරකතන මාර්ගය පැහිදිලි නම් ගැටළුව ඇත්තේ ස්ප්ලිටරය තුළ වන අතර එය මාරු කළ යුතු වේ.

 තවදුරටත් ගැටළුව නොවිසඳී පවතී නම් 1212 අමතා දෝෂය වාර්තා කරන්න.

Scroll To Top