Gold Winner winner

Site Map

පෞද්ගලික

ව්‍යාපාරික

all you want

PBX විසඳුම්
Telephony සේවා
මෙගාලයින්

වෙළඳපොළෙහි ඇති අවම ගාස්තු යටතේ රැහැන් සහිත දුරකතන සබඳතා හරහා සුපැහැදිලි හඬ ඇමතුම් ලබා ගැනීමේ අවස්ථාව දැන් ඔබ වෙනුවෙන් විවරව පවතී.

සිටිලින්ක්

වෙළඳපොළෙහි ඇති අවම ගාස්තු යටතේ රැහැන් රහිත දුරකතන සබඳතා හරහා සුපැහැදිලි හඬ ඇමතුම් ලබා ගැනීමේ අවස්ථාව දැන් ඔබ වෙනුවෙන් විවරව පවතී.

ව්‍යාපාරික ඇමතුම් සැලසුම්

ශ්‍රී ලංකා ටෙලිකොම් සමාගම විසින් ඔබ වෙත පිදෙන ව්‍යාපාරික ඇමතුම් සැලසුම් මගින් ඔබේ ව්‍යාපාරික දුරකතන සබඳතා අතර අවම ගාස්තු යටතේ සන්නිවේදනයේ යෙදීමට ඔබට හැකි වනු ඇත.

MyVoice

ඔබ නිතරම ඇමතුම් ලබා ගන්නා දුරකතන අංක වෙත හඬ ඇමතුම් ලබා ගැනීමේදී ආකර්ෂණීය වට්ටම් හිමි වේ. ඔබ නිතර අමතන අංක ඇතුළත් ඇමතුම් චක්‍රයට ශ්‍රී ලංකාව ඇතුළත ඕනෑම තැනක, ඕනෑම දුරකතන ජාලයකට අයත් අංක ඇතුළත් කළ හැක. මෙම පහසුකම භුක්ති විඳීමට නම් පාරිභෝගිකයා Calling Circle කොන්ත්‍රාත්තුවට අනුව අවම බිල්පත් අගයක් පවත්වා ගැනීම අවශ්‍ය වේ.

Business Trunking

IP PABX, IP දුරකතන හා PBX වැනි සේවා වෙත ඔබ සම්බන්ධ කිරීම මේ යටතේ සිදු කෙරේ. ඔබේ ව්‍යාපාරික ආයතන වෙත සහ ඉන් පිටතට ගනු ලැබෙන හඬ ඇමතුම් කළමනාකරණය කර ගැනීම සඳහා පහත සඳහන් business trunks අපි ඔබ වෙත ලබා දෙන්නෙමු:

IP Trunk Line (SIP)

ස්ථාපනය කොට තිබෙන IP-PBX හි උපරිම ප්‍රයෝජන භුක්ති විඳිමින් අන්තර්ජාල ප්‍රොටොකෝලය හරහා ඔබේ ව්‍යාපාරික ආයතනය ඇතුළත පමණක් නොව ඉන් පිටතද සන්නිවේදනයේ යෙදීම ඔබේ අවශ්‍යතාවය නම්, SLT SIP trunk සේවාව ඔබ වෙනුවෙන්ම සැදී පැහැදී සිටී. එය අප සතු තවීන NGN ජාලය හා සම්බන්ධ කර ඇති අතර ඔබේ සාම්ප්‍රදායික Voice E1 හා PSTN වෙනුවට SLT SIP trunk සේවාවෙහි ඵල නෙළා ගැනීමට ඔබට අවස්ථාව සලසයි.

Business Trunk Line (E1 Trunks)

R2 සහ PRI තුළ Voice E1 සබඳතා හරහා ඔබේ ව්‍යාපාරය වෙත bulk voice සබැඳියාව ලබා දීම මෙමගින් සිදු වේ. අපගේ දීප ව්‍යාප්ත PSTN සහ NGN ජාල හරහා E1 හඬ සබඳතාවලට අදාළ ඩිජිටල් නාලිකා 30 ක් අපි ලබා දෙන්නෙමු. Direct Inward Outward Dialing (DIOD) පහසුකම සහ ලැබෙන ඇමතුම් හඳුනාගැනීමේ (CLI) පහසුකම සහිතව වඩා හොඳ තත්ත්වයේ ඇමතුම් අත්විඳීමේ අවස්ථාව එමගින් ඔබට ලැබෙනු ඇත.

Business Trunking සේවාව ලබා ගැනීමෙන් අත් වන වාසි

  • ඇමතුම් අවහිරතා අවම වීම. මීට හේවුව වන්නේ ඇමතුම ලැබෙන පුද්ගලයා අදාළ අවස්ථාවේදී දුරකතනය අසල නොමැති අවස්ථාවල වුවද ඇමතුම් යොමු කිරීමේ කේතයක් (forwarding code) මගින් එම ඇමතුම වෙනත් තැනක ඇති ජංගම දුරකතනයකට හෝ voice mail පද්ධතියකට යොමු කළ හැකි වීමයි.

  • මෙය ඩිජිටල් පද්ධතියක් හෙයින් ඇමතුම්වල තත්ත්වය ඉතා ඉහළ මට්ටමක පවතී.

  • දුරකතන මාර්ග විශාල ප්‍රමාණයක් වෙනුවට එක් trunk මාර්ගයක් යොදාගත හැකි වීම නිසා ආරම්භක ආයෝජනය සඳහා වැය වන්නේ සුළු මුදුලකි

  • ඇමතුමක් ලබා ගන්නා සෑම අවස්ථාවකදීම දුරකතන මෙහෙයවන්නෙකු වෙනුවෙන් බලා සිටීමට අමතන්නන්ට සිදු නොවන නිසා ඔබේ සමාගමට දුරකතන ඇමතුම් ලබා ගැනීමේ ක්‍රියාවලිය වේගවත් වෙයි.

  • මෙහි ඇති ඉහළම වාසිය වන්නේ ගෙවන මුදලට වඩා වටින සේවාවක් ඔබ වෙත සැලසීමයි. දින දින ව්‍යාප්ත වන ඔබේ විදුලිසංදේශන අවශ්‍යතා ඉටු කරනු පිණිස මෙමගින් හඬ හා දත්ත සම්ප්‍රේෂණ ශක්‍යතා එක් කෙරෙයි. එක් දුරකතන සබඳතාවයකට එකම අවස්ථාවේදී ලැබෙන හා පිටතට යන ඇමතුම් කළමනාකරණය කර ගත හැකි වීම මෙහි විශේෂයයි.

හඬ සම්මන්ත්‍රණ (audio conferencing)
QuickMeet

දුරකතනය හරහා හඬ සම්මන්ත්‍රණ පැවැත්වීමේ හැකියාව "QuickMeet" සේවාව ඔබ වෙත ලබා දෙයි. සම්මන්ත්‍රණයට සහභාගී වන අය සිටින තැන කුමක් වුවද කිසිදු බාධාවකින් තොරව මෙහි ප්‍රතිලාභ අත්විඳීමට හැකියාව ඇත. මෙම සේවාව ලබා ගැනීමට නම්, සම්මන්ත්‍රණයට සහභාගී වන සෑම අයෙකුම QuickMeet conferencing Voice Bridge වෙත සම්බන්ධතාව ලබා ගැනීම අවශ්‍ය වේ.

  • Plus Five
  • මාසික ගාස්තුව
    Rs.500.00
  • සහභාගී වන්නන් සංඛ්‍යාව
    5 දක්වා
  • Plus Ten
  • Monthly Rental
    Rs.900.00
  • සහභාගී වන්නන් සංඛ්‍යාව
    10 දක්වා
  • Plus Twenty
  • Monthly Rental
    Rs.1,500.00
  • සහභාගී වන්නන් සංඛ්‍යාව
    20 දක්වා
  • Twenty Plus
  • Monthly Rental
    Rs.1500+.00
  • සහභාගී වන්නන් සංඛ්‍යාව
    20ට

*1500 + (n-20)*50. මෙහි "n" යනු සහභාගී වන්නන් සංඛ්‍යාවයි.

අගය එකතු කළ සේවා

ටෙලිසම්මන්ත්‍රණ ඇමතුම් පටිගත කිරීමේ සේවාව (ඔබේ මනාපය මත)

  • එක් වරක් පමණක් අය වන සබඳතා ගාස්තුව - රු. 250
  • ඒ ඒ1GB ගබඩා අවකාශය සඳහා වන මාසික ගාස්තුව - රු. 250
  • එක් ගිණුමක් සඳහා ලබා දෙනු ලබන්නේ 5GB දක්වා වන දත්ත ගබඩා අවකාශයක් පමණි.

පටිගත කරන ලද QuickMeet සම්මන්ත්‍රණ ඇමතුම් වෙත පිවිසිය හැකි වෙබ් ද්වාරය :www.qma.sltidc.lk

  • සේවාව පිළිබඳ විස්තර
  • එක් මසක් ඇතුළත පැකේජ අතර මාරු විය හැකි උපරිම වාර ගණන හතරකි (04).
  • පටිගත කරන ලද හඬ සම්මන්ත්‍රණ ගොනු ගබඩා කිරීමට වැය වන ඉඩ පාරිභෝගිකයා විසින් කළමනාකරණය කර ගත යුතු වේ.
  • පටිගත කරනු ලබන හඬ ගොනුවලට සවන්දීමට/ඒවා භාගත කර ගැනීමට හැකි වන්නේ දින 01 කට පසුවය.
  • වෙබ් ගිණුමෙන් 70% ක්ම භාවිත වී තිබේ නම් විද්‍යුත් තැපෑල හරහා පාරිභෝගිකයා වෙත නිවේදනයක් යොමු කෙරෙනු ඇත.
  • සේවාවට අදාළ දෝෂ දැනුම් දිය හැකි අංකය (011) 2451451 වේ.
  • සටහන්
  • ඇමතුම් ගාස්තු - සම්මත ගාස්තු ක්‍රමයට අනුව සිදු කෙරේ.
  • පාරිභෝගිකයාට අවශ්‍ය අවස්ථාවලදී පමණක් නොව කල් නියම කිරීමෙන්ද හඬ සම්මන්ත්‍රණ සේවා ලබාගත හැක.
  • ඉහත ගාස්තුවලට බදු ඇතුළත් නොවේ. සේවා ලබා ගන්නා අවස්ථාවේදී අදාළ බදු එකතු කෙරෙනු ඇත.
 

 

  • Plus Five
  • Select your Current Package
    • Plus Five
    • Plus Ten
    • Plus Twenty
    • Twenty Plus
  • Plus Five
  • Monthly Rental
    Rs.600.00
  • Plus Ten
  • Monthly Rental
    N/A
  • Plus Twenty
  • Monthly Rental
    Rs.600.00
  • Twenty Plus
  • Monthly Rental
    Rs.600.00

 

  • Plus Five
  • Monthly Rental
    Rs.500.00
  • Plus Ten
  • Monthly Rental
    N/A
  • Plus Twenty
  • Monthly Rental
    Rs.500.00
  • Twenty Plus
  • Monthly Rental
    Rs.500.00
Scroll To Top