Site Map

පෞද්ගලික

ව්‍යාපාරික

all you want

අන්තර්ජාතික දත්ත සේවා

ශ්‍රී ලංකා ටෙලිකොම් සමාගම සතු අති නවීන තාක්ෂණික ධාරිතා යොදා ගනිමින් අන්තර්ජාතික වශයෙන් ඒකාබද්ධ වී තිබෙන ව්‍යාපාරික සමාගම් සහ විදුලිසංදේශන සේවා සැපයුම්කාර සමාගම වෙනුවෙන් නවතම දත්ත සේවා මාලාවක්ම සකස් කර තිබේ. Se-Me-We 3, Se-Me-We 4, DS (Dhiragu-SLT) සහ භාරත් ලංකා යන නමින් හැඳින්වෙන මුහුදු සංදාම පද්ධති හරහා අප ලබාගෙන ඇති ගෝලීය සබැඳියාව, ලොව පුරාම අන්තර්ජාල ප්‍රවේශස්ථාන රැසක් සමග අපට ඇති සබඳතාව හා ලොව අංක එකේ අන්තර්ජාතික විදුලිසංදේශන සේවා සැපයුම් සමාගම් සමග අප ගොඩනගාගෙන ඇති හවුල්කාරීත්වයන් ආදී හේතු නිසා පාරිභෝගිකයින්ගේ අවශ්‍යතා ඉතාම සුමට, එහෙත් කාර්යක්ෂම ලෙස ඉටු කිරීමේ හැකියාව අප සතු බව මනාව පැහැදිලි වේ.

Global IPLC

වඩාත් සරලව කියන්නේ නම්, IPLC (International Private Leased Circuit යන්නෙහි කෙටි නම) යනුවෙන් අදහස් වන්නේ අන්තර්ජාල ප්‍රවේශය, ව්‍යාපාරික දත්ත හුවමාරු පහසුකම්, වීඩියෝ සම්මන්ත්‍රණ පහසුකම් හා වෙනත් ඕනෑම ආකාරයක විදුලිසංදේශන පහසුකමක් ලබා ගැනීම සඳහා අන්තර්ජාතික ව්‍යාපාරික සමාගම් හා විදුලිසංදේශන සේවා සැපයුම් සමාගම් වෙත සපයනු ලැබෙන කැප වූ ප්‍රවේශස්ථාන ජාලයකි. තමන් සතු මුහුදු සංදාම පද්ධති, චන්ද්‍රිකා හෝ පොළොව මත ඇති තඹ හෝ ප්‍රකාශ තන්තු සංදාම හරහා ලොව ඕනෑම ස්ථාන දෙකක් අතර ඉහළ කාර්යක්ෂමතාවකින් යුත් සබඳතාවක් ලබා දීමට ශ්‍රී ලංකා ටෙලිකොම් සමාගම සෑම විටම සැදී පැහැදී සිටියි.

Toll Free සේවාව

ගාස්තු අයවීමකින් තොරව වෙනත් රටක දුරකතන අංකයක් වෙත ඇමතුම් ලබා ගැනීමට මෙම සේවා ඉඩ සලසයි. අදාළ ඇමතුම සඳහා වන ගාස්තුව ඇමතුම ලබන්නාගේ බිල්පතට එකතු කරනු ලැබේ.

Global IP Transit

ජාත්‍යන්තර අන්තර්ජාල සේවා සැපයුම් සමාගම් (ISP) වල අවශ්‍යතා ඉටු කිරීම සඳහා ශ්‍රී ලංකා ටෙලිකොම් වෙතින් එකිනෙකට වෙනස් IP port වේග සැපයේ.

Global VPN

ශ්‍රී ලංකා ටෙලිකොම් සමාගම විසින් අන්තර්ජාතික සේවා ජාල හා සම්බන්ධ වීම තුළින් බහුප්‍රොටොකෝල ලේබල් ස්විචිං (MPLS) තාක්ෂණය මත පදනම් වූ අන්තර්ජාල ප්‍රොටොකෝල අතථ්‍ය පෞද්ගලික ජාල (IPVPN) සැපයීම සිදු කෙරේ. මේ නිසා ලොව විවිධ අතර පෞද්ගලික සන්නිවේදන ජාල පිහිටුවාගෙන ඒවා භාවිත කිරීමේ අවස්ථාව ව්‍යාපාරික සමාගම් වෙත ලැබේ. මෙම පහසුකම නිසා ව්‍යාපාරයන්ට අතිශයින් වැදගත් අදහස් හඬ, දත්ත හා වීඩියෝ සන්නිවේදන හරහා හුවමාරු කර ගැනීමේ අවස්ථාව හිමි වේ.

අන්තර්ජාතික මට්ටමේ මුහුදු සංදාම බදු දීමේ සේවා

අන්තර්ජාතික සන්නිවේදන සේවා සැපයුම්කාර සමාගම් සතු අවශ්‍යතා සාර්ථකව ඉටු කිරීම සඳහා මුහුදු සංදාම ධාරිතා බදු දීමේ සේවාද අපි සපයන්නෙමු.

 

Scroll To Top