Site Map

පෞද්ගලික

ව්‍යාපාරික

You are here

අන්තර්ජාතික

all you want

ශ්‍රී ලංකා ටෙලිකොම් සමාගම සතු ලොව පුරාම විහිදී පවතින අන්තර්ජාතික ප්‍රවේශ ස්ථාන මගින් හොඳම මිල ගණන් යටතේ අති නවීන සේවාවන් සැපයීම සිදු කෙරේ. සාමාන්‍ය පාරිභෝගිකයින් වෙනුවෙන් තොරතුරු හා සන්නිවේදන තාක්ෂණ සේවා සැපයීමෙන් නොනැවතී අනෙකුත් සන්නිවේදන සේවා සැපයුම් සමාගමේ වෙත තොග වශයෙන් සේවා ලබා දීමෙහිද අප නිරතව සිටීමෙන්ම පැහැදිලි වන කරුණක් වන්නේ පාරිභෝගිකයින්ගේ අවශ්‍යතාවන්ට අනුකූල පරිදි තොග සේවා සැපයීමට අපට ඇති හැකියාවයි. නිරන්තරයෙන්ම පාරිභෝගික අවශ්‍යතාවන්ට අනුව හැඩගැසීමටද එය අපට සහාය වේ.

Channels

ශ්‍රී ලංකා ටෙලිකොම් සමාගම, තමන් සතු අති දියුණු තාක්ෂණයන් යොදා ගනිමින් අන්තර්ජාතික වශයෙන් ඒකාබද්ධ වී ඇති ව්‍යාපාරික හා විදුලිසංදේශන සමාගම් වෙත නවීන දත්ත විසඳුම් රැසක්ම සැපයීමෙහි නිරත වී සිටියි. Se-Me-We 3, Se-Me-We 4, DS (Dhiragu-SLT) සහ BL (Bharat-Lanka) මුහුදු සංදාම පද්ධති, අන්තර්ජාතික වශයෙන් ව්‍යාප්ත වී තිබෙන ප්‍රවේශ ස්ථාන මෙන්ම ලොව සුපිරිතම අන්තර්ජාතික විදුලිසංදේශන මෙහෙයුම්කරුවන් සමග ගොඩනගාගෙන ඇති ප්‍රබල හවුල්කාරීත්වයන් හරහා අප විසින් පිහිටුවාගෙන ඇති ජාත්‍යන්තර සබැඳියාව හේතුවෙන් පාරිභෝගිකයින්ගේ අවශ්‍යතා ඉතාම සාර්ථක ලෙස ඉටු වීම තවදුරටත් සහතික කෙරේ.

Scroll To Top