Site Map

පෞද්ගලික

අප ගැන

You are here

අප සමාගම පිළිබඳව

all you want

අප කවුරුන්ද? - අප සතු භූගෝලීය, කලාපීය හා වෙළඳපොළ ශක්‍යතා

ශ්‍රී ලංකා ටෙලිකොම් පී එල් සී යනු ශ්‍රී ලංකාවේ අති විශිෂ්ටතම පිළිගැනීමක් හිමි ඉතාම වටිනා සමාගම් අතළොස්ස අතරින් එකක් වන අතර 2015 දෙසැම්බර් වන විට අප සමාගම සතු වෙළඳපොළ ප්‍රාග්ධනය රැපියල් බිලියන 84 ක් විය. ජාතික තොරතුරු සන්නිවේදන තාක්ෂණ සේවා සැපයුම්කරුවාද වන ශ්‍රී ලංකා ටෙලිකොම් සමාගම දිවයිනෙහි පුරෝගාමී බ්‍රෝඩ්බෑන්ඩ් හා ජාල යටිතල පහසුකම් සේවා සම්පාදකයාද වෙයි. 2013 වසර අවසානය වන විට ශ්‍රී ලංකා ටෙලිකොම්හි ප්‍රධාන කොටස් හිමියන් වූයේ මහාභාණ්ඩාගාර ලේකම් හරහා 49.5% ක කොටස් ප්‍රමාණයකට හිමිකම් කී ශ්‍රී ලංකා රජය හා කොටස් 44.98% කට හිමිකම් කී ක්‍යුරසෝ රාජ්‍යයේ Global Telecommunication Holdings of Curacao සමාගම වූ අතර ශේෂ වූ කොටස් ප්‍රසිද්ධියේ විකුණනු ලැබේ. Fitch ශ්‍රෙණිගත කිරීම්වලට අනුව AAA (lka) ක දීර්ඝ කාලීන ශ්‍රේණිගත කිරීමක්ද දිගු කාලීන දේශීය හා විදේශීය මුදල් සඳහා BB- ක ශ්‍රේණිගත කිරීමක්ද අප සමාගම වෙත හිමි වූ අතර ඉන් අනතුරුව Standard & Poor’s මගින් B+ ක ශ්‍රේණිගත කිරීමක් සිදු කෙරුණි.

බහුජාතික සමාගම්, කුඩා සහ මහා පරිමාණ සමාගම්, රාජ්‍ය අංශය, සිල්ලර හා ගෘහස්ථ පාරිභෝගිකයින් ඇතුළත්ව මිලියන හය ඉක්මවන පාරිභෝගික පදනමක් ශ්‍රී ලංකා ටෙලිකොම් වෙතින් හඬ, දත්ත, බ්‍රෝඩ්බෑන්ඩ්, තොග විකුණුම්, ව්‍යවසාය, රූපවාහිනී හා ජංගම දුරකතන සේවා රැසක් භුක්ති විඳිමින් සිටී.

ශ්‍රී ලංකා ටෙලිකොම් සමූහයෙහි ප්‍රධානතම අරමුණක් වන්නේ 'මීළඟ පරපුරේ ජාල' (Next Generation Network) හා 'ජාතික රුකුල් ජාලය' (National Backbone Network) සහ ADSL2+, VDSL2, Optical fibre, Carrier-grade Wi-Fi හා ස්ථාවර හා ජංගම 4G LTE තාක්ෂණයන් හරහා බ්‍රෝඩ්බෑන්ඩ් සේවා කේන්ද්‍ර කරගත් පාරිභෝගික සහ ව්‍යාපාරික අත්දැකීම් තවදුරටත් පුළුල් කිරීමයි. අප සමූහය විසින් සපයනු ලබෙන සමස්ථ සේවා පරාසය තුළ, එහි තනි අයිතියට යටත් අනුබද්ධිත සමාගම් වන මොබිටෙල් සමාගම හරහා 2.5G/3.5G/4G LTE ජාල තුළින් සපයනු ලැබෙන හඬ පහසුකම්, ජාලකරණය, දත්ත මුදාහැරීම (Data Hosting) කළමනාකරණය කරන ලද සේවා, ක්ලවුඩ් පරිගණක සේවා සහ ජංගම දුරකතන පදනම් වූ පාරිභෝගික හා ව්‍යවසායික සේවා ආදිය ඇතුළත් වේ.

බහුවිධ අන්තර්ජාතික සාගරික සංදාම පද්ධති, SEA-ME-WE 5, SEA-ME-WE 4, SEA-ME-WE 3 වැනි අන්තර්ජාතික සබ්මැරීන් සංදාම පද්ධති ආශ්‍රිත ආයෝජනයන්, භාරත්-ලංකා සබ්මැරීන් සංදාම පද්ධතිය හා Dhiraagu-SLT සබ්මැරීන් සංදාම පද්ධතිය ආදිය හරහා සපයනු ලැබෙන ගෝලීය සේවාවන් ඇසුරින් කලාපීය රැඟුම්කරුවෙකු බවට පත් වීම එස් එල් ටී හි අරමුණයි.

හොඳම හා වඩාත් විශ්වසනීය තොරතුරු හා සන්නිවේදන තොක්ෂණ සේවා සම්පාදකයා වශයෙන් මේ වන විටත් ශ්‍රී ලංකා ටෙලිකොම් සමාගම දිවයිනෙහි හොඳම සමාගම් හා කුඩා හා මධ්‍ය පරිමාණ ව්‍යාපාරයන්හි පිළිගැනීමට ලක් ව ඇත. එපමණක්ද නොව රටෙහි ඇති අනෙකුත් විදුලිසංදේශන සේවා සම්පාදක සමාගම්ද සේවා තොග විකුණුම්කරුවකු හා හොඳම ජාල සම්පාදකයා වශයෙන් අප සමාගම කෙරෙහි විශ්වාසය තබා තිබේ. දේශීය ව්‍යාපාර හා කුඩා හා මධ්‍ය පරිමාණ ව්‍යාපාරයන්ට ගෝලීය ව්‍යාපාරික කරළිය තුළ තරගකාරී ලෙස කටයුතු කිරීමට හැකි වන පරිදි ශ්‍රී ලංකා ටෙලිකොම් සමාගම විසින් සපයනු ලැබන 'බුද්ධි සේවා' (Intelligent Solutions) මගින් මීළඟ පරපුරේ හඬ, ජාලකරණ, දත්ත මුදාහැරීම් හා කළමනාකරණය කරන ලද සේවා පුළුල් පරාසයක් ආවරණය කෙරේ.

ගෝලීය පරිසරය තුළ හඬ, දත්ත හා වීඩියෝ ජාල සියල්ලම එක්තැන් කිරීමෙන් ව්‍යාපාරික සමාගම් ක්‍රියාත්මක වන ආකාරය කෙරෙහි කැපී පෙනෙන බලපෑමක් එල්ල වන අතර ශ්‍රී ලංකා ටෙලිකොම් සමාගම සතු හොස්ටිං සේවා සමස්ථය නිසා අපගේ තොරතුරු සන්නිවේදන තාක්ෂණ යටිතල පහසුකම් ඇසුරෙහි තමන් වඩාත් සුරක්ෂිත බව ව්‍යාපාරික සමාගම් වෙත හැඟෙනු නොඅනුමානය.

ශ්‍රී ලංකා ටෙලිකොම් සමූහය විසින් ස්ථාවර හා ජංගම බ්‍රොඩ්බෑන්ඩ්, දත්ත, හඬ, IPTV, ක්ලවුඩ් කම්පියුටිං, හොස්ටිං සේවා හා ජාල සේවා රැසක්ම පාරිභෝගිකයන් වෙත සපයනු ලැබේ. තොරුතරු හා ස්න්නිවේදන තාක්ෂණ සේවා SLT සමූහය යටතේ ක්‍රියාත්මක වන අනුබද්ධිත සමාගම වන්නේ: Mobitel (Private) Limited (Mobile Service Provider), SLT VisionCom (Private) Limited (IPTV support services), SLT Publications (Private) Limited (Directory publication services), SKY Network (Private) Limited (Wireless Broadband operations), Sri Lanka Telecom (Services) Limited (ආයතනික හා ව්‍යාපාරික පාරිභෝගිකයන් වෙත අංග සම්පූර්ණ ජාල සේවා සැපයීම සඳහා), SLT Human Capital Solutions (Private) Limited (වෙනත් සමාගම් සඳහා මිනිස් බලකාය සැපයීම සඳහා ), SLT Property Management (Private) Limited (සමූහය සතු සම්පත් මනාව කළමනාකරණය කරගනිමින් විවිධාංගීකරණය කරන ලද ව්‍යාපාරික කටයුතු වෙනුවෙන් ඒවා යෙදවීම සඳහා) සහ SLT Campus (Private) Limited.

Scroll To Top